Monday, October 31, 2011

Wild Elephant Create a Havoc in Kekirawa Area in Sri Lanka

Wild elephant broke in to A-9 Highway In kekirawa area 29th of October and really created havoc in that area. Apparently the elephant is blind and he attacked every vehicle on his way. 50 vehicles and 2 housed were damaged during the attack. Luckily nobody was hurt. 








කැකිරාව සසල කළ "දළ පූට්‌ටුවා"
කලාවැව රක්‌ෂිතයට පලවා හරී


කැකිරාව සුදත් ඒකනායක, අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ සිගීරිය සරත් එරමිණිගම්මන

කැකිරාව - කයිලපොතාන හා තිබ්බටුවැව යන ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් පෙරේදා (29 දා) පෙරවරුවේ කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සහ නවතා තිබූ වාහන පනහකට ආසන්න සංඛ්‍යාවකට පහරදී අලාභහානි සිදුකරමින් පැය හතරකට ආසන්න කාලයක්‌ සැරි සැරූ දෑස්‌ අන්ධ කුලප්පු වූ දළ ඇතා වනජීවී නිලධාරීන් පොලිසිය සහ ජනතාව එක්‌ව කලාවැව වන රක්‌ෂිතයට පලවා හැර තිබේ.

පෙරේදා (29 දා) පෙරවරු 8.00 ට පමණ කැකිරාව කයිලපොතාන ප්‍රදේශයෙන් කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඇති "ගල්ගමුවේ දළ පූට්‌ටුවා" ලෙස හැඳින්වෙන එම සද්දන්ත හස්‌තියා කිලෝමීටර් පහක්‌ හයක්‌ පමණ ගමන්කොට තිබ්බටුවැව ප්‍රදේශයේ ගෙවත්තකට කඩා වැදී තිබිණි.

මෙම හස්‌තියා කුලප්පුවී හිස්‌ ලූ ලූ අත දිවයැම නිසා කයිලපොතාන හා තිබ්බටුවැව ඇතුළු ප්‍රදේශවල ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ ද උද්ගතවිය.

පෙරේදා පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 පමණ වනතුරු එම කලබලකාරී තත්ත්වය පැවැතිණි

හස්‌තියා කුලප්පු වී හිස්‌ ලූ ලූ අත දිව යමින් වාහනවලට පහරදීම නිසා දඹුල්ල, කැකිරාව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය පැය හතරක පමණ කාලයක්‌ අඩාලව පැවැති අතර දැඩි වාහන තදබදයක්‌ ද පැවැති බව කැකිරාව පොලිසියේ ප්‍රකාශක යෙකු "දිවයින" ට පැවැසීය.

මේ අතර එම ඇතා පාලනය කර ගත නොහැකිවීම නිසා මරා දමන ලෙසට ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක්‌ නිසා පොලිසිය හා ඔවුන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ උද්ගතවූ අතර ඇතා පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් පැමිණීමත් සමඟ තත්ත්වය සමනයට පත්විය.

මේ අතර ඇතාගේ සිරුරේ වෙඩි තැබීම්වලින් ලත් තුවාල රැසක්‌ හා වාහනවලට පහරදීම්වලින් ඇතිවූ තුවාල රැසක්‌ නිරීක්‍ෂණය කළ බවත්, නිර්වින්දනය නොකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වයඹ වනජීවී කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

කහගල්ල වන රක්‌ෂිතයේ සිට පැමිණ ඇති මෙම ඇතා සමඟ සිටි වල් අලියා කිසියම් අනතුරකට ලක්‌ව ඇති බවට සැකකරනු ලබන බවත්, ඒ හේතුවෙන් ඇතා මෙලෙස කුලප්පුවී ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

Chaos in Kekirawa town as elephant runs amok

By Karunaratne Dissanayake
At least 50 vehicles and two houses were damaged when a lone elephant went on the rampage at Thibbatuweva in Kekirawa for several hours yesterday morning, police and residents said.
They said the cow elephant ran amok in the Kekirawa town forcing people to flee in all directions for safety and creating a traffic chaos. The lone elephant had entered a private garden the previous night and later charged into the town early morning after wildlife official had fired a flare gun into the air to push the animal back into the jungle.
Earlier, the animal had also attacked and damaged a parked private passenger vehicle. According to wildlife officials the flare gun had apparently irritated the elephant and provoked it to charge into the town.
It took some seven hours for wildlife and police officers to drive the elephant back into the wild.

Wednesday, October 26, 2011

Anesthetized Elephant is in a critical condition

The villagers at Anuradhapura, Shavasthripura, Thalawa and Ulukkulama were threatened by a wild elephant. As a result of the complains of the villagers the officers of the Department of Wildlife Conservation were able to capture this giant by anesthetizing in Shavasthripura area and he is in a critical condition. Officers say that by the time they captured the elephant, he was severely injured due to gun shots. It was planned to give immediate medical care and release him in to the wild but due to his present condition its been difficult to take him. Though the chains were detached elephant is unable to stand up and lying down helplessly.