Sunday, October 21, 2012



සංවර්ධනයෙන් බැටකන අපේ දැවැන්තයෝ
ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය තර්ජනයට ලක්‌වීමේ වැදගත්ම ස්‌ථාන (Hot spot) 34 න් එකකි. එනම් මෙලෙස නම් කිරීමෙන් අදහස්‌ වන්නේ ලෝකයේ අන් කිසිම ස්‌ථානයක දක්‌නට නොලැබෙන ආවේණික ශාක හා සත්ත්ව විශේෂ විශාල සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ ඇති බවත් මෙම සුවිශේෂිත විශේෂ වාසය කරන ස්‌වාභාවික වාසස්‌ථානවලින් අඩුම තරමින් 70% ක්‌ වත් දැනටමත් ඔවුන්ට අහිමි වී ඇති බවයි. සැබෑවටම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය තර්ජනයට ලක්‌ව ඇත. වර්ෂ 1900 දී මෙරට වන ආවරණය 70% ක්‌ පමණ වූ අතර මේ වන විට එම ප්‍රතිශතය 20% ක්‌ පමණ වේ. මෙරටින් සදහටම වඳවී ගිය ශාක හා සත්ව විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ගණනකි. මෙරට දැවැන්තයන් වන "වන අලින්" ද වඳවීමේ තර්ජනයට ලක්‌වූ සත්ත්ව විශේෂයකි. ඊනියා සංවර්ධන සැලසුම් විශේෂයෙන්ම මෙරට ජෛව විවිධත්වයට තර්ජනයක්‌ වී ඇත. පරිසරයට ඇලුම් නොකරන්නා සංවර්ධනය යෑයි සිතා කොන්ක්‍රීට්‌ වනාන්තර තුළ අතරමං වීමට උත්සාහ ගන්නා මුත්, සැබෑ සංවර්ධනය හඳුනාගත් පුද්ගලයා වනය, ගහකොළ හා සතා සීපාවා ආරක්‌ෂා කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.

"ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‌ෂා කොට සුරක්‌ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේය. එසේම ස්‌වභාව ධර්මය සහ ස්‌වාභාවික සම්පත් රැකගැනීමද ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේය" යන්න මූලික ධර්මයක්‌ ලෙස ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අන්තර්ගත කොට ඇත.

අලින් හා ජන ජීවිතය

වන සතුන් හා මනුෂ්‍ය ජීවිතය අතර ඉතා සමීප සබැඳියාවන් පවතී. දළදා කරඬුව වැඩම කරනුයේ ඇතකු මතය. පෙරහැරේ යන්නෙත් කොටන් අදින්නෙත් අලින්ය. දුප්පත් මාර්ගෝපදේශකයකු තම ජීවිකාව කරගෙන යැමට සංචාරකයකුගෙන් මුදලක්‌ ලබා ගන්නේත් අලියකු පෙන්වීමෙන්ය. සිදුහත් කුමරුගේ පිළිසිඳ ගැනීම බෞද්ධ පොතපතෙහි සඳහන් වනුයේ සුදු ඇත් පැටවකු මහාමායා දේවියගේ කුස තුළට සිහිනෙන් ඇතුළු වීමෙනි. චෛත්‍ය ප්‍රාකාර වටා ඇත් පවුරු ඉදිකර ඇත. අලියාගේ උදරයට යටින් රිංගීම තුළින් අපල දුරුවන බවට මතයක්‌ ඇත. සුමන සමන් දෙවියන්ගේ වාහනයද ඇතෙකි. විශාල ශරීර ධාරියෙකුට අලියකු වැනි යයි කියනු ලැබේ. තවත් විටෙක අලියකුට වගේ කන්න දෙන්න අවශ්‍ය යෑයි කියනු ලැබේ. "ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා" යනුවෙන් මුල්වරට අප නැළවිලි ගී අසන්නේත් අලින් ගැනය.

අලියකුගේ ආයුෂ කාලය අවුරුදු 70 ක්‌ පමණ වේ. දරු සෙනෙහස මනුෂ්‍යයන් තරමටම පෙන්වීමට කෙනෙර හපන් වේ. මේ හේතු නිසාම පුනර්භවය, පුනරුත්පත්තිය පිළිබඳ සඳහන් කරන ඇතැමකු මනුෂ්‍ය ආත්මයට ඉතාම ආසන්න ආත්මය "අලියා" ලෙස සඳහන් කිරීමට උත්සුක වෙයි. එහෙත් දැවැන්ත සංවර්ධනය හමුවේ වන අලින් බැටකයි. මැරුණු අලින් දැක අනේ අපොයි පමණක්‌ අපි කියමු.

අලි - මිනිස්‌ ගැටුම

2011 වර්ෂයේ දී සිදු කරන ලද අලි සංගණනය අනුව නිල නොවන වාර්තා අනුව මෙරට අලි ගහනය 5879 කි. එයින් සියයට හතක පමණ ප්‍රතිශතයක්‌ දළැති අලින් (ඇතුන්) වේ. එහෙත් අලි ගහනය මීට වඩා වැඩි විය යුතු බව විවිධ විද්‍යාඥයන්ගේ හා පරිසරවේදීන්ගේ මතය වේ. විශේෂයෙන් අලි ගහනයක හමුවන පැටවුන් සංඛ්‍යාව හා සැසඳීමේදී ඉහළ බෝවීමේ ශීඝ්‍රතාවක්‌ දැකිය හැකි අතර අලි ගහනයද වැඩිවන බවද සඳහන් කළ හැක. අවිධිමත් සංවර්ධනය හේතුවෙන් වන විනාශය සිදුවන අතර අලින් සංවර්ධනය නාමයෙන් බැටකයි.

ශ්‍රී ලංකාවේ වාර්තා වන අලි මරණ අනුව වර්ෂයකට දළ වශයෙන් වන අලින් 300 සිට 350 අතර සංඛ්‍යාවක්‌ මියයන අතර අහිමි වන මනුෂ්‍ය ජීවිත ගණන 60 කි. අලින් නිසා මනුෂ්‍යයකු මියයැම ෙ€දවාචකයක්‌ ලෙස ප්‍රජාව දනිති. ඒ වෙනුවෙන් මිනී පෙට්‌ටි පාරට ගෙන ඒමත් නිලධාරීන් හා රාජ්‍ය දේපළවලට හානි පැමිණවීමත් සිදු කෙරෙති. එහෙත් ජල භීතිකාවෙන් හා සර්ප දෂ්ටනයෙන් මියයන සංඛ්‍යාව අලි මිනිස්‌ ගැටුමෙන් අහිමි වන ජීවිත ගණනට වඩා බොහෝ වැඩිය.

තවද අලි - මිනිස්‌ ගැටුමෙන්ද මියයන බොහෝ දෙනකු මියගොස්‌ ඇත්තේ ඔවුන්ගේ නොසැලකිල්ල හේතුවෙනි. එහෙයින් ජනතාව වශයෙන් අපගේද ආකල්ප වෙනස්‌ කරගැනීමට කාලය පැමිණ ඇත. අලි - මිනිස්‌ ගැටුමට හේතුව හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය. ඈත බීට්‌ටුවේ වෙසෙන අඩවි ආරක්‌ෂකයාත්, වනජීවී නියාමකයාත් අලි - මිනිස්‌ ගැටුමේ සැබෑ වග උත්තරකරුවන් නොවනු ඇත.

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කෙරෙන සංඛ්‍යාලේඛන අනුව 2012 වර්ෂයේ සැප්තැම්බර්Êමස අවසන් වන විට පසුගිය මාස නවයක කාලය තුළ අලි - මිනිස්‌ ගැටුමෙන් වන අලින් 153 ක්‌ මියගොස්‌ ඇත. විවිධ හේතුන් මත අනාථ වූ අලි පැටවුන් සංඛ්‍යාව හා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ආ අනාථ අලි පැටවුන් ගණනද සැලකිය යුතු සංඛ්‍යාවකි. එම කාලය තුළ අහිමිව ගිය මනුෂ්‍ය ජීවිත ගණන 52 කි. 2011 වර්ෂයේ දී අහිමි වූ මනුෂ්‍ය ජීවිත ගණන 60 ක්‌ වූ අතර අලි මරණ සංඛ්‍යාව 232 කි. මීට අමතරව ලක්‌ෂ ගණනක නිවාස හා දේපළ හානිද වාර්තා වී ඇත.

සැලසුම්සහගත නොවන සංවර්ධනය අලි - මිනිස්‌ ගැටුමට ප්‍රධානතම හේතුව වනු ඇත. පවත්නා අලි මංපෙත්වලට බාධා පැමිණෙන ලෙස නිවාස හා ගොවිබිම් ස්‌ථාපනය කිරීම, වන විනාශය, විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම හා අලි මං වෙනස්‌ කිරීම්වලට ලක්‌කිරීම, අලින් කුඩා කුඩා කැලෑ කුට්‌ටිවලට සීමා කිරීම හා පවත්නා වාසස්‌ථානවල ගුණාත්මක භාවය පිරිහීම ආදී හේතුන් මත අලින් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම වන අලින්ගේ සංචරණ ප්‍රදේශය (Hදපැ Raබටැ) පිළිබඳව අවබෝධයක්‌ නොමැතිව සංවර්ධන කටයුතු සිදු කිරීම අලි - මිනිස්‌ ගැටුමට ප්‍රධාන හේතුවකි.

වාසස්‌aථානවල ගුණාත්මකභාවය

බොහෝමයක්‌ අලින්ගේ නිජබිම වියළි කලාපයෙන් හමුවන අතර විශේෂයෙන් ලඳු කැලෑ, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හා අත්හැර දමන ලද හේන් ඔවුන්ගේ වාසස්‌ථාන වෙයි. දැවැන්ත සංවර්ධනයට නතුවී ඇත්තේත් මේ ප්‍රදේශ වන අතර අලින්ගේ වාසස්‌ථානවලට එමගින් මරු පහරක්‌ වැදී ඇත. අලින්ගේ සාම්ප්‍රදායික නිජබිම් කෙත්වතු හා ගම්මාන බවට පත්වී ඇත. එසේ නැතිනම් දැවැන්ත ජල යෝජනා ක්‍රමයන් බවට පරිවර්තනය කර ඇත.

වන සතුන්ගේ ප්‍රධාන වාසස්‌ථාන වන බොහෝ රක්‌ෂිත ප්‍රදේශ මේ වන විට ගවගාල් වී හමාරය. විවිධ මැදිහත්වීම් මත හා නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවන් හේතුවෙන් මෙම ගව ගාල් උද්‍යානවලින් ඉවත් කිරීම අපහසු වී ඇත. රක්‌ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත්කර තිබුණද එහි ගුණාත්මකභාවය පිරිහී ගොස්‌ ඇත. ඇතැම් රක්‌ෂිත ප්‍රදේශ තුළ ගවගාල් ඇත. ගංජා හේන් ඇත. දඩයම්කරුවෝ වෙසෙති. ඇළ මාර්ග හා වැව් ගොඩවී ඇත. වල් පැළෑටි පැතිරී ඇත. හේන් කෙරෙති. පාලනය කරගත නොහැකි අනවසර පදිංචිවීම් ඇත.

මේ සියල්ල සිදු වනුයේ අලින්ගේ නිජබිම තුළය. මේ නිසා රක්‌ෂිත ප්‍රදේශ වටා ඉදිවුණු විදුලි වැටවල් කඩාගෙන එළියට පැමිණීම විනා වෙනත් විකල්පයන් එම රක්‌ෂිතය තුළ සිරවී සිටින අලින්ට ඇත්ද? එසේ පැමිණිය මුත් අලින්ට දක්‌නට ලැබෙන්නේ පෙර තමන් ජීවත් වූ වාසස්‌ථානයේ සංවර්ධනයේ නාමයෙන් බැකෝ යන්ත්‍ර ගණනාවකි. එසේ නොමැති නම් මහා මාර්ගයක්‌ හෝ දුම්රිය මාර්ගයකි.

විදුලි වැටෙන් හෝ රක්‌ෂිත මායිමෙන් පිටත "ස්‌වාරක්‌ෂිත කලාප" (Home Range) නොමැත. ඒවා මැකී ගොස්‌ හෝ සිතියම්වලින් ඉවත් කර ඇත. එහෙයින් මෙපිට මායිමේ පවතින "සංවර්ධනය" කෙරෙන අඩවියේ සිට වන අලින්ට රතිඤ්ඤා පත්තු කෙරෙති. එසේම ගිනි අවියෙන් ගිනි තබති. එසේත් නැතිනම් කර කියා ගත නොහැකිව වල් අලින් දුම්රියට බිලිවෙයි. අවසානයේ දී තම අයිතිය අහිමිව විලාප තබන වන අලියා ඊළඟට සිදු කරන්නේ මිනිසුන් බිල්ලට ගැනීමය. ඇතැම් විට එහි අවසානය අලින් වැඩි වශයෙන් වෙඩි කෑමට ලක්‌වීමයි. එහෙයින් වර්ෂයක්‌ අවසානයේ මෙපමණ අලින් පිරිසක්‌ අලි - මිනිස්‌ ගැටුමෙන් මියගියා යෑයි සංඛ්‍යාලේඛන පවත්වාගෙන යැම පමණක්‌ ප්‍රමාණවත් වේද?

වසන්ත රත්නායක
හිටපු වනජීවී සංරක්‌ෂණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Tuesday, October 16, 2012



අලි - ඇතුන්ගේ නිජබිම කලාවැව් පිටිය වනසයි
බලධාරීන් නිහඬයි


කහල්ල - පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම, පස්‌ කපා ඉවත් කිරීම, ගස්‌ කැපීම හා හෝටල් ඉදි කිරීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක්‍රියා රැසක්‌ මේ වන විට සිදු කෙරෙමින් පවතී. වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පසුගිය දිනවල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බැකෝ යන්ත්‍ර ආධාරයෙන් රොන්මඩ ඉවත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතර ව වැව ඉහත්තාවේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වැලි කැනීම් කටයුතු ද සිදු කෙරෙමින් පවතී. වැව් ඉහත්තාවේ සහ වැව් පිටියේ තැනින් තැන විශාල වළවල් සැකසෙන පරිදි වැලි කැනීම් සිදු කර තිබේ.

මීට අමතර ව වැවෙහි කුඹුක්‌ ශාක ඉවත් කිරීම ද රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම සිදු කෙරෙමින් පවතී. මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැදි දේශපාලන තීන්දුවක්‌ මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ය. රොන්මඩ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ම වැලි කැනීම් කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී. නමුත් කිසිදු අධීක්‌ෂණ ක්‍රියාවලියක්‌ හෝ නිසි සැලසුමක්‌ නොමැති ව රොන්මඩ ඉවත් කිරීමේ කාර්යය සිදු කරන නිසා මේ කිසිදු හානිකර තත්ත්වයක්‌ පාලනය කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී ඇත.

මේ හානිකර තත්ත්වයන් හේතුවෙන් අලි - ඇතුන් බහුලව ජීවත් වන මේ ප්‍රදේශයේ එම සතුන් ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් රැසක්‌ ඉදිරියේ දී උද්ගත වනු ඇත. වැව ඉහත්තාවේ තැනින් තැන විශාල වළවල් සැකසෙන පරිදි අක්‍රමවත්ව වැලි කැනීම් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වර්ෂා කාලයේ දී කලා වැව ජලයෙන් පිරුණු විට ජල අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා පැමිණෙන අලි - ඇතුන් මේ වළවල් තුළට වැටීමෙන් මරණයට පත් වීමේ හැකියාව පවතී. දැනට රොන්මඩ ඉවත් කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීම හේතුවෙන් හා කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත්‍ර භාවිත කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ජලය අහිමි වී බියට පත් වී ඇති මේ සතුන් අවට ප්‍රදේශ පුරාම විසිරීම සිදු වී ඇත.

විශේෂයෙන් ම ජුනි, ජුලි, අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල පවතින නියං කාලගුණික තත්ත්වය තුළ දී කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය හා ඒ අවට විශාල ප්‍රදේශයක සිටින අලි - ඇතුන් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක්‌ කලා වැව වැව් පිටියට එක්‌ රැස්‌ වේ. එසේ එක්‌රැස්‌ වන අලි - ඇතුන් ගේ බෝ වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ මේ ප්‍රදේශය තුළ දී ය. එම ප්‍රදේශය අලි - ඇතුන් ගේ බෝ වීම සිදුවන ජීව විද්‍යාත්මකව ඉතාම වැදගත් ප්‍රදේශයකි. එම කාල පරාසය තුළ දී ම වැවේ ජලය ඉවත් කර යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් වැවේ කැනීම් කටයුතු සිදු කිරීමෙන් අලි - ඇතුන් ගේ බෝවීමේ ක්‍රියාවලියට හා ගහනයේ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිෙරී. මේ තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කර ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.

මීට අමතර ව මේ කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස ගල්කිරියාගම, කලාගම, උදුරව, කිරලව, කිරිඳිවත්ත හා පලාගල යන ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම සිදු ව තිබේ. වාසස්‌ථාන අහිමි වීමෙන් ගම්වදින අලි - ඇතුන්ගෙන් වගා හානි හා ජීවිත හානි සිදු වීමේ දැඩි අවධානමක්‌ මේ වන විට උද්ගතව තිබේ. කලාවැවේ රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම කුඹුක්‌ ශාක ඉවත් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පක්‌ෂීන් ලැගු=ම් ගන්නා ස්‌ථාන අහිමි වෙමින් පවතී. මෙය අභය භූමියේ පක්‌ෂි ගහනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි ය.

මේ තත්ත්වයන් මෙසේ පවතිද්දී කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආසන්නයේ අනවසරයෙන් හා නීති විරෝධී ලෙස හෝටල් දෙකක්‌ ඉදි කෙරෙමින් තිබේ. අලි ගැවසුම් ප්‍රදේශයක්‌ තුළ හා කලාවැවේ ජල ගැලුම් ප්‍රදේශ ආශ්‍රිත ව මේ හෝටල් ඉදි කිරීම හේතුවෙන් හානිකර තත්ත්වයන් බොහොමයක්‌ උද්ගත විය හැකි ය. මේ හෝටල්වල අපද්‍රව්‍ය Rජුවම වැවට එක්‌වීමේ අවදානමක්‌ ද පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව අභය භූමියක්‌ තුළ වන සතුන් ගේ වාසස්‌ථාන විනාශ කිරීම, වන සතුන් බෝවන ස්‌ථාන විනාශ කිරීම, පස්‌ හා වැලි කැනීම් කටයුතු සිදු කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්‌ථිර ඉදිකිරීම් සිදු කිරීම හා මාර්ග සකස්‌ කිරීම තහනම් වේ. නමුත් මේ නීති විරෝධී ක්‍රියා සියල්ලම කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලාවැව ආශ්‍රිත ව අද වන විට සිදු වෙමින් පවතී. නමුත් එම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.

ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වැනි දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව අභය භූමියක්‌ තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත සහ වැවක උපරිම පිටාර මට්‌ටමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

නමුත් මේ නීතිමය තත්ත්වයන් සියල්ල උල්ලංඝනය කරමින් කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආශ්‍රිත ව හෝටල් ඉදිකිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ආදී හානිකර ක්‍රියා රැසක්‌ සිදු වේ. කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය 1989 ජුලි මස 01 වැනි දින හෙක්‌ටයාර 21,690 ක භූමි ප්‍රමාණයකින් යුක්‌ත අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ අභය භූමියේ අලි - ඇතුන් ඇතුළුව ජෛව ප්‍රජාව ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මේ ආශ්‍රිත ව සිදුවන සියලුම හානිකර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුව ඇත. තව ද වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව නිවැරැදි පරිසර බලපෑම් ඇගයීමකින් පසු ව කලාවැවේ රොන්මඩ ඉවත් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු ව ඇත. එසේ නොමැතිව ඉතාම හානිකර ලෙස අද වන විට සිදු කරන මේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් එහි ජෛව ප්‍රජාවට සිදුවන හානිකර තත්ත්වය පාලනයට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු ව ඇති අතර අනෙක්‌ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු ව තිබේ. ඒ සඳහා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය
ඡායාරූප - කුෂාන් ජයවර්ධන

Thursday, October 11, 2012



දුම්රිය කැලේ රජා එළොව යවයි
2012 ඔක්තෝබර් මස 11 15:13:57 | නිමල් ජයරත්න
කොළඹ-මඩකලපු තැපැල් දුම්රිය මනම්පිටිය පසු කරද්දී වල් අලියෙක් ගැටුණේය. අලියා මරුමුවට පත්විය. මේ පාරේ අලින් එහා මෙහා යන නිසා වේගයද අඩුකැර සෝදිසියෙන් දුම්රිය ධාවනය කරන ලෙස රියැදුරනට උපදෙස් දී ඇත.

Friday, September 14, 2012


Elephant-hit train derailed

E-mailPrint



Colombo bound night train from Trincomalee derailed at Nelliyagama, Kekirawa midnight yesterday when a wild elephant was hit by it. The wild elephant was killed and no injuries to passengers, police said.(Athula Bandara)

Monday, August 27, 2012



බුද්ධංගල  අභය භූමියත්  ඈවරයි ?
මෙරට වනාන්තර සහ ඉතා වටිනා පරිසර පද්ධති තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා පටු අවස්‌ථාවාදී අමන දුර්ජනයන් දරණ ප්‍රයත්නයන් ඉතා සූක්‍ෂම හා දීර්ඝකාලීන ඒවා බව පරිසරයට ලැදි සෑම සියලු දෙනකුම ඉතා තරයේ සිහිතබා ගත යුතුව ඇත. ඔවුන්ගේ සාක්‌කුවට වැටුණු අඳ ගොළු බිහිරි බලධාරීන්ට මෙම තත්aත්වය කෙසේවත් වටහා ගැනීමට උවමනාවක්‌ නැතිවීම මෙම අධමයන්ට උඩගෙඩි දීමකැයි කීම වරදක්‌ නොවේ. අප මේ කතා කරන්නට යන්නේ අම්පාර නගරාසන්නයේ ඇති ඉතා වැදගත් වනජීවී රක්‍ෂිතයක්‌ වූ බුද්ධංගල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 500 කට වැඩි ප්‍රමාණයක්‌ වන ජීවීන්ට අහිමි වීම පිළිබඳවය. නමුත් මෙම සටහන පසුවදනක්‌ මිස පූර්විකාවක්‌ නොවේ. එයට හේතුව මේ පිළිබඳව අප මූලින්ම "සොබාසර" මගින් හෙළිදරව් කළේ අදින් වසර තුනකට පෙර 2009 ජූලි 07 වැනිදා බැවිනි. නමුත් ඉතාමත් ෙ€දනීය තත්ත්වය නම් "කැළෑ පාළුවෝ බුද්ධංගල අභය භූමිය කොල්ලකති" මැයෙන් අප සිදුකළ කරුණු දැක්‌වීම පිළිබඳව අබමල් රේණුවක හෝ අවධානයක්‌ යොමු කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමයි.

ශ්‍රී ලංකාවේ හතළිස්‌ වැනි අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කරන ලද බුද්ධංගල අභය භූමියට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් වන්නේ වර්ෂ 1974 නොවැම්බර්Êමස පළමුවැනිදාය. එහි සඳහන් බුද්ධංගල අභය භූමියේ වපසරිය හෙක්‌ටයාර් 1841.4 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මෙන්ම කටු පඳුරු සහිත ලඳු කැළෑ වලින්ද සුසැදි බුද්ධංගල අභය භූමිය අලි ඇතුන්ගේ සිට විහිදුණු ඉතා පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කී බව නොරහසකි. වියළි කාලයට ප්‍රදේශයේ ජලය රැඳී ඇති ඉතා සීමිත ස්‌ථාන කිහිපයකින් එකක්‌ වන වලතාපිටිය වැව මෙම අභය භූමිය තුළ පිහිටා තිබීම නිසා නියං සමයේ දී සියයකට වැඩි වන අලි රංචුවක්‌ මේ වෙත පැමිණෙන බව මෙම ලියුම්කරු විසින්ද නිරීක්‌ෂණය කර ඇත. එසේම සෙසු සත්ත්ව සහ ශාක විශේෂ

රැසකට තෝතැන්න වීම නිසා මෙන්ම තදාසන්න බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පිහිටා ඇති ඉපැරැණි පුරාවිද්‍යාත්මක නටබුන්ද මෙකී වනජීවී රක්‌ෂිතයේ වටිනාකම තීවෘ කර ඇති බව නොකියාම බැරිය. ඒ මතුද නොව මෙමගින් උකහා ගන්නා වර්ෂා ජලය මගින් පෝෂණය වන වලතාපිටිය සහ වීරගොඩ, තිස්‌සපුර වැව්ද පොදු ජන සුවසෙත සාදමින් කියා පාන්නේ බුද්ධංගල අභය භූමියේ මහිමය බව අවධාරණය කළ යුතුය.

මේසා වටිනාකම් රැසක්‌ සහිත බුද්ධංගල අභය භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලකයන් පිරිසකගේ හා අම්පාර සම්මන්තුරේÊප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල උසස්‌ පරිපාලන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානාත්මක පිරිසක්‌ කටයුතු ආරම්භ කළේ අප ඉහත සඳහන් කළ පරිදි මීට වසර තුනකටත් පෙර සිටදීය. නමුත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වූයේ සැබෑ ලෙසම මෙරට වනජීවී සම්පත ආරක්‌ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ ප්‍රාදේශීය වනජීවී නිලධාරීන්ගේ ලේ දහදිය මතින් බව නොකියාම බැරිය. නොබෝදා විශ්‍රාම ලැබූ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‌ෂවරයාවද තමන්ගේ සාක්‌කුවට දමා ගැනීමට මෙකී අමනයන් කටයුතු කර තිබුණද ඒ ක්‍රියා කිසිවක්‌ සාර්ථක නොවුණේ සොබාදහමේ වාසනාවකට විය යුතුය.

මෙම අභය භූමියේ දිවි ගෙවන අලි ඇතුන් වලතාපිටිය වැව ඔස්‌සේ අම්පාර, කල්මුණේ ප්‍රධාන මාර්ගය පසුකර දීඝවාපිය, පල්ලෙකාඩු, මාන්තෝට්‌ටම ආදී බැඳි වන කුට්‌ටි ඔස්‌සේ සාගමම් අභය භූමිය හා ලාහුගල ජාතික උද්‍යානය දෙසට සංක්‍රමණය වීමේ ලක්‌ෂණ පෙන්නුම් කරයි. මෙම අලි රංචුව සාගමම් වැව වෙතද සංක්‍රමණය වන ආකාරය විශේෂයෙන් හඳුනාගත හැකි හස්‌ති සාමාජිකයන්ගේ නිරීක්‌ෂණ මගින් තහවුරු කර ගැනීමටද මෙම ලියුම්කරුට හැකිවී ඇත. නමුත් මෙම හස්‌ති සංක්‍රමණයටද තීරණාත්මක සාධකයක්‌ වී තිබුණේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ කිලෝමීටර් 21 ක්‌ දිග විදුලි වැටය. වන අලින්ට යම්කිසි අසාධාරණයක්‌ වී තිබියදී පවා මෙම විදුලි වැට මගින් ප්‍රදේශයේ වන අලි මිනිස්‌ ගැටුම අවම කර ගැනීමට වනජීවීය කටයුතු කළේ පැවති හොඳම විකල්පය එය බැවිනි.

නමුත් අද වන විට මෙම විදුලි වැටටද ඇතුළතින් පිහිටි ඉඩම් අක්‌කර 500 ක්‌ කොල්ලකෑමට අවස්‌ථාවාදීන් කටයුතු කර ඇත්තේ ඉතාම අවාසනාවන්ත ආකාරයටය. මෙතෙක්‌ කලක්‌ මෙම අභය භූමිය රැකගැනීමට උරදුන් සැබෑ වනජීවී නිලධාරීන්ට නායකත්වය ලබාදීමට ඉහළ පුටුවට පැමිණි අනුප්‍රාප්තිකයා මෙහිදී සිදුකළ යුත්තේ එම කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යැම බව අපගේ වැටහීමයි. ඒ මන්ද යත් එමගින් දැනට මෙම ප්‍රෙaදශයේ යම් තරමකින් හෝ පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම සංසිඳවීමට එමගින් යම් පිටිවහලක්‌ ලැබෙන බැවිනි.

මේ ආකාරයෙන් වලතාපිටිය වැව ඉහත්තාවේ ඇති වනජීවී ඉඩම් වන සතුන්ගෙන් උදුරා ගැනීමෙන් අනාගතයේදී වන අලින්ට වලතාපිටිය වැව වෙත අවතීර්ණ වීමට නොහැකි වීමෙන් ඉතා භයානක අලි මිනිස්‌ ගැටුමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව අවධාරණය කළ යුතුය. මෙවැනි පසුබිමක්‌ තුළ ඉතාම අවාසනාවන්ත ලෙස සියල්ල උඩු යටිකුරු කරමින් සීමිත පිරිසකගේ පටු අවශ්‍යතා ඉටු කිරීමට පාලක කාරකාදීන් මෙම හස්‌ති නිජබිම මිනිස්‌ ජනාවාසයක්‌ බවට පෙරළීමට උත්සාහ දරන්නේ කුමන වනජීවී සංරක්‌ෂණ හා කළමනාකරණ න්‍යායයකට අනුකූලව දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

පසුගිය යුද වාතාවරණය නිසා නැගෙනහිර පළාතේ වනජීවී රක්‌ෂිත වෙත මිනිසුන්ගේ ආක්‍රමණ එතරම් සුලබ නොවීමෙන් වනජීවී වාසස්‌ථානවලට යම් රැකවරණයක්‌ ලැබී තිබුණු බව පශ්චාත් යුද සමයේ අද වන විට සිදුවන මෙවන් ඉඩම් මංකොල්ලයන් සාක්‌ෂි දරණ බව අපගේ වැටහීමයි. යුද්ධය නිමා වීමත් සමගම මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී බලධාරීන් ඉතා අවදියෙන් යුතුව ඒ කටයුතු සිදුකළ යුත්තේ එසේ නොවුණහොත් අද වනවිට යම් තරමකින් පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම ඉතා කනගාටුදායක තත්ත්වයට ඉහළ යැම නොවැළැක්‌විය හැකිය.

එසේම බලධාරීන් මේ වරද ඉතා කඩිනමින් නිවැරැදි කිරීමට අපොහොසත් වුවහොත් එය නැගෙනහිර පළාතේ සෙසු වනජීවී රක්‌ෂිත ආරක්‌ෂා කිරීමටද නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තැබිය යුතුය.
ටී. ජී. එස්‌. එල්. ප්‍රකාශ්
ඡායාරූප - තාරක කුසුමින්ද

Sunday, July 8, 2012


The Sundaytimes Sri Lanka

Drought-hit elephants beg for food

View(s): 178

The worst ever drought in several districts has affected not only hundreds of thousands of people but also turned elephants into virtual beggars. Several hungry and thirsty elephants are seen waiting near the fence at Uda Walawe for passersby to give them something to eat or drink. Pic by Mangala Weerasekera.


Elephants walk miles to Honour their saviour

 

article_image
Lawrence Anthony, a legend in South Africa and author of 3 books including the bestseller ‘The Elephant Whisperer’, bravely rescued wildlife and rehabilitated elephants all over the globe from human atrocities, including the courageous rescue of Baghdad Zoo animals during US invasion in 2003. On March 7, 2012 Lawrence Anthony died. He is remembered and missed by his wife, two sons, two grandsons and numerous elephants. Two days after his passing, the wild elephants showed up at his home led by two large matriarchs.

Separate wild herds arrived in droves to say goodbye to their beloved man-friend. A total of 20 elephants had patiently walked over 12 miles to get to his South African house.

Witnessing this spectacle, humans were obviously in awe not only because of the supreme intelligence and precise timing that these elephants sensed about Lawrence’s passing, but also because of the profound memory and emotion the beloved animals evoked in such an organized way: Walking slowly - for days - making their way in a solemn one-by-one queue from their habitat to his house.

Lawrence’s wife, Francoise, was especially touched, knowing that the elephants had not been to his house prior to that day for well over a year! But yet they knew where they were going.

The elephants obviously wanted to pay their deep respects, honoring their friend who’d saved their lives. They stayed for two days and two nights. Then one morning, they left, making their long journey back home.

Saturday, June 23, 2012


Rail at Rio+20: sustainable transport in the cities of the future

21 June 2012 by Chris Lo




Sustainable development is in the spotlight at Rio+20, and a greater emphasis on rail transport will play a major role. Chris Lo takes stock of the biggest rail and public transport announcements coming out of this landmark UN event, including the part rail has to play in developing the sustainable cities of the future.

Sustainable urban development has been a major theme at Rio+20
A lot has changed since the first United Nations Conference on Sustainable Development was held in Rio de Janeiro in 1992. But as international delegates gather in the Brazilian city 20 years later for Rio+20, it's clear that a great deal has also stayed the same.
Looking at the 27 principles of the original Rio Declaration on Environment and Development, it's impossible not to notice that a huge amount of work remains if the world is to achieve positive human development without sacrificing the world's fragile natural resources.
As people around the world continue to flock to urban areas - 60% of the world's population will be based in and around cities within the next 20 years, according to predictions - sustainable urban development has been a major theme at Rio+20.
The development of accessible forms of mass transport, particularly metro and light rail projects, goes hand-in-hand with the concept of sustainable urban growth. A dramatic growth in public transport will be essential, proponents argue, if cities want to promote sustainable growth and curb the emissions from millions of car exhausts.

Rail associations unite at Rio+20

"Eight multilateral development banks have pledged $175bn to improve public transport in developing countries."
Leading the charge for rail development at Rio+20 are three central rail organisations: international railway body UIC, European rail association Unife and public transport organisation UITP, which partnered to present a joint statement to the world on sustainable transport.
The statement lays out the arguments for rail development as a driver for green economic benefits, pollution reduction and improved mobility for urban residents, especially those with little income.
From an economic standpoint, the groups stated that worldwide congestion costs economies around one to three percent of GDP, and that maintaining a car costs many families up to 30% of their total income. Placing a greater emphasis on public transport systems would cut air pollution, improve mobility, reduce congestion and road fatalities, as well as create at least 20 million green jobs around the world.
The partners have called on all parties to endorse the doubling of sustainable transport's share of urban journeys by 2025, as well as strengthening institutional arrangements with development banks, carbon finance instruments and the private sector to advance public transport projects.
"Transport makes up for the bulk of emission worldwide - we are here to show that rail transport is part of the solution to the problem," said Bombardier's country representative in Brazil Andre Guyvarche, on behalf of Unife director general Philippe Citroën.
"With technologies that are available today, rail can improve the lives of citizens around the globe by providing comfortable and reliable transport at minimal environmental cost. Investing in sustainable transport now means investing timely in the future."

Financing and promotion of new projects

Ambitious goals such as these will require significant investment, both in terms of financing and promotion. Fortunately, Rio+20 has also seen a number of organisations step forward to present their plans for funding rail development, particularly in the developing world and in the BRICS countries that are experiencing rapid growth.
"The development of accessible forms of mass transport goes hand-in-hand with the concept of sustainable urban growth."
Eight multilateral development banks (MDBs), including the Asian Development Bank, the World Bank, the Inter-American Development Bank and the European Investment Bank, have pledged $175bn in funding to improve public transport in developing countries around the world.
The banks warned that unless dramatic changes are made, global CO2 emissions from the transport sector are set to increase by nearly 50% by 2030. A statement from the Asian Development Bank noted that inadequate public transport options not only hinder economic development and environmental performance, but also contribute to growing poverty and inequality in areas including healthcare, education and employment.
"Rapid motorization is creating more congestion, air pollution, traffic accidents and greenhouse gas emissions - especially in developing countries," said Asian Development Bank president Haruhiko Kuroda, speaking on behalf of the MDBs at a news conference in Rio de Janeiro. "Developing countries have the opportunity to leapfrog to a greener future of less motorization, shorter commutes, and more energy efficient transport systems."
During Rio+20 it also emerged that the Asian Development Bank would be financing the electrification of 140km of track on Uzbekistan's Marakand-Karshi line, an important section of the Central Asia Regional Economic Cooperation (CAREC) Corridor 6. This rail corridor is a vital artery for freight, including 1.6 million tons of humanitarian goods being sent to Afghanistan. The upgrade is likely to be characteristic of the kind of public transport projects the development banks will be funding during the next decade.
Non-governmental organisations (NGOs) are also looking to pump resources into ailing transport systems around the world. Embarq, a not-for-profit sustainable transport initiative of the World Resources Institute, was one of the many organisations that made a 'voluntary commitment' at Rio+20. The organisation stated that it would be spending $76m to influence best practices in sustainable transport for at least 200 cities by 2016, including more than ten major projects or policies and with a direct impact for at least 50 cities.
Embarq's scheme will primarily focus on Brazil, China and India as the core centres of growth and influence in their respective regions. Key milestones that the NGO aims to achieve include 3.1 billion hours of travel time saved, the elimination of 6.7 million tons of CO2 emissions and more than 4,000 lives saved through a reduction in motorised traffic congestion.

Thursday, June 21, 2012


අලි ඇත්තු තණ කන්න කලාවැවට එති
2012 ජූනි මස 22 11:11:28 | කාංචන කුමාර ආරියදාස
Share
රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්‍රදේශවාසීහු කියති.

Saturday, March 3, 2012


Call for stopping plunder of Pinnawela elephants, tuskers

 

article_image
Solutions of expert environmentalist

Environment Conservation Trust’s Director Sajeewa Chamikara proposes a series of solutions to combat this menace. He has called for the immediate halt of the plunder of elephants from the Pinnawela Orphanage, from where he alleges elephants are being stolen in the dead of night (!!), to be given to private elephant owners, with political influence. He also advocates that a census be done of all the elephants which are at Pinnawela, the National Zoological Gardens, temples and devales and animals which are in private possession. This might earn the wrath of the Diyawadana Nilames and the politicians, but, it is high time that the Department of Wild life takes steps to arrest this disturbing trend, or elephants in Sri Lanka, might be an extinct species before long!!


By Ravi Ladduwahetty

Institutional conservation and external conservation are twofold methods of conservation of animal species. Institutional conservation is a method of conserving animals with a limited institutional framework. External conservation entails the protection of animals if they are threatened with extinction at the location that they live in or if their existence is threatened in that habitat. Accordingly, the Pinnawela Elephants Orphanage is deemed as the best location in Sri Lanka for the external conservation of elephants, and has won acclaim at both Asian and global levels for conservation of these pachyderms.

The Pinnawela elephant orphanage spanning 23 acres was gifted by the then Minister of Shipping and Tourism P.B.G. Kalugalle on February 16, 1975 for the purpose of conserving and protecting orphaned elephants which are subject to threat in their habitats and also, equally important venue for, breeding and propagation. However, sadly, what is happening today, is that the venue has become a hot spot which has been associated with gifting and distributing of elephants to politicians, businessmen, and Nilames of Devales.

However, on the contrary, the Pinnawela Elephant Orphanage has also become a tourist attraction of immense proportions. This is also due to the animals being nurtured properly for breeding in the vast expanse that is available for them to roam freely. It is due to these contributory factors that the Pinnawela elephant orphanage has attracted 728,324 tourists of which foreigners numbered 264,452 last year. Therefore, the total revenue that the orphanage has attracted was Rs. 487 million.

Pinnawela has so far produced 67 baby elephants.

The first baby elephant "Sukumali" was born to "Vijaya" and Kumari on July 5. 1985. Since then there have been 66 other baby elephants have been born there. Another salient feature is that there had also been two baby tuskers born there as well, which has been attributed to the excellent veterinary care and the heridetarial knowledge of the mahouts. It is also moot point to note that whatever the reasons were, only four adult elephants have died in the existence of the orphanage. Vijaya is one of the adult elephants which have died following a brain tumour while another has died due to natural causes. While "Kandula" was nurtured at Pinnawela, was later the mascot of the Sri Lanka Light Infantry Regiment, it later died while engaged in a fight with another male elephant after it was returned to Pinnawela by the Sri Lanka Army. However, the saddest death of the Pinnawela elephants has been of "Neelagiri" who was brutally killed by the use of ankus (henduwas) by mahouts within the premises. The fallout of this has been that all the responsible employees of the orphanage have been terminated from their employment.

There are around 85 elephants and tuskers within the premises as at today, but there are only three tuskers. Blind tuskers Raja and Sampath are also ageing. The only young tusker there is "Sumana"

However, the tragedy is that despite all the effective aftercare, there is a disgusting trend of these elephants and tuskers being gifted to various temples and Devales and businessmen, VIP politicians and even to overseas zoos. By the year 2002, there had been a total of 66 elephants and tuskers gifted in this manner. Thereafter, Diyawadana Nilame Nilanga Dela also acquired two baby tuskers. The years 2006, 2007, and 2010 also saw two elephants each being gifted to Chile, Japan and Korea. Last year also saw the donation of 11 elephants and tuskers, making it a total of 84 elephants and tuskers which have been presented for whatever reasons.

The only male baby tusker which was left at Pinnawela "Sumana" is also in the hands of a powerful politician. Now, external conservation has become a problem.

Now there are arrangements which have been made to gift six more elephants to foreign climes. Six year old she – elephant "Mihiri" and seven year old male elephant "Mahasen" will also be flown out of the country very soon. There are arrangements made to gift another four to the zoo of the Czech capital of Prague. The Director of that Zoo and a photographer of that country have visited Sri Lanka on January 25 to make their selections and also to ascertain their living conditions. So, this level of arbitrary gifting of these pachyderms has resulted in elephants not being available for breeding.

While the exchanges of elephants is usually a measure of goodwill in diplomatic relations, the conservation of elephants and their breeding is a totally different matter. The intention of the establishment of the orphanage was totally different from the mandate of running a zoo. Despite the orphanage being coming under the aegis of the National Zoological Department, it is grossly improper for the orphanage to be run and operated as a zoo. This haphazard practice will lead to elephants being an extinct species in this country.

Elephants and tuskers gifted

to temples, devales arbitrarily

It is indeed sad that there have been so many elephants which have been gifted to temples and devales in an arbitrary manner.

There is also the school of thought that as elephants have been used in pageants and processions and therefore, that practice has to be continued and that it is the anti- Buddhist environmentalists who advocate the practice should be done away with. However, environmentalists say that they have no vehement objection to elephants and tuskers being used only for ceremonial procession.

Training elephants for processions

at Pinnawela

If the grouse of the authorities and various factions of society is that there is a shortage of elephants for ceremonial purposes, then a tangible solution for this deficit was laid down by the then Director of the National Zoological Gardens- Brigadier H.A.N.T. Perera. His proposal was to train a section of the elephants at Pinnawela to be used in processions, peraheras and other ceremonial functions. It was at the time that these training sessions were on that it came to an abrupt halt due to the pressures imposed by elephant owners and their mahouts and the Minister in charge of that portfolio- AHM Fowzie, dropped the matter abruptly. Resistance came from the elephant owners on the assumption that their earnings derived from such practices would be lost for good! Therefore, it is also clear that the motives of these elephant owners were not pure in letting their pachyderms be presented at processions, but to make big time money!! However, on the face of it, they make out that elephants are required for processions and that is too, with ulterior motives!

However these elephant owners have been able to breed only three baby elephants while Pinnawela has produced 67! The late Sam Samarasinghe of Kegalle, also an elephant owner, was responsible for the breeding of a baby elephant. One of the other pioneers of elephant breeding was the late businessman JPI Piyadasa, who saw the breeding of the other two elephants.

Reluctance for breeding

The main reason why these private elephant owners are not well disposed towards elephant breeding is that baby elephants are delivered after 22 months and that they need to be fed with milk by the elephant mother for the next three years. Therefore, mother elephants have to be deprived of work for at least five years. This also is important as far as medical treatment goes. Another reason is that male elephants also become restless and unmanageable at the times of breeding and reproductive phases.

Therefore, breeders are reluctant as they will be deprived of their income. Therefore, the tendency is for them to plunder these elephants from either Pinnawela or from the jungles.

There are also reports that these elephant owners use these animals for various destructive purposes such as the transport of logs from illicit forest felling. This is manifest in the Districts of Galle, Kegalle, Ratnapura Matara and Kalutara Districts. Old and blind elephants are also wickedly used to carry tourists on their backs- which is also another money spinner for the elephant owners and their mahouts, without their food and water, making their owners rich and heartless.

Thursday, February 23, 2012


Elephant run over by train at Habarana

E-mailPrint


A  wild elephant was run over by the Batticaloa bound night mail from Colombo at  Habarana early this morning. Train services to Batticaloa were halted by around two hours until the carcass was removed. Wildlife Conservation Officials said the male elephant was around 30 years old. Pix by Kanchana Kumara Ariyadasa






ලුණුගම්වෙහෙරේ තරුණියක්‌ වල් අලි ප්‍රහාරයකින් මියයයි:ප්‍රදේශවාසීහු පැය 4 ක්‌ උද්ඝෝෂණයේ 

ඡායා සහ විස්‌තර - වීරවිල - එල්. එම්. කුසුම් ප්‍රියන්ත, දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

මෙවර හෙද විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් සපුරා සිටි ලුණුගම්වෙහෙර, වැලිගත්ත, කුඩා ගම්මාන දහය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි විසිඑක්‌ හැවිරිදි තරුණියකට හා ඇයගේ පියාට වල් අලියකු පහරදීමෙන් එම තරුණිය එම ස්‌ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ. පියා බරපතළ තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් තර ඇත.

මෙම සිද්ධිය ඊයේ (22 වැනිදා) පෙරවරු 6.00 ට පමණ සිදුවී ඇත. වල් අලියකු පහරදීමට ලක්‌ව මෙසේ මියගොස්‌ ඇත්තේ එම්. ජී. ගීතිකා මිහිරාණී නමැති විසිඑක්‌ හැවිරිදි තරුණියයි. ඇයගේ පියා වන හැට දෙහැවිරිදි එම්. ජී. සෝමසිරි මහතා බරපතළ තුවාල ලබා සිටී.

මෙම වල් අලි පහරදීමත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් 22 දා උදෑසන අටේ සිට හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රධාන මාර්ගය අවහිර කොට විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. පැය හතරකට ආසන්න කාලයක්‌ විරෝධතාවයේ නිරත පිරිස්‌ වන අලි තර්ජනයෙන් තමන් මුදාගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ඉක්‌මන් ස්‌ථිර විසඳුමක්‌ ලබාදෙන ලෙසත් වගකිවයුත්තන්ට බලකර සිටියහ.

වැලිගත්ත හන්දියේ සිට බූන්දල හන්දිය දක්‌වා කිලෝමීටරයක පමණ ප්‍රදේශයක්‌ පුරා මඟ අවහිර කරමින් ටයර් පුළුස්‌සා පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර ප්‍රධාන මාර්ගයේ සිය ගණනක්‌ වන වාහන ගමන් කිරීමට ද අවස්‌ථාව උදා නොවීය. මේ ස්‌ථානයට සහභාගි වූ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්‌මුල්ල මහතා ඊයේ (22 දා) සිට ඉතිරි විදුලි වැටද සම්පූර්ණ කිරීමට පොරොන්දු වූ අතර ප්‍රදේශයේ නියෝජිතයන් සමඟ ඒ මොහොතේම සාකච්ඡාවක ද නිරත විය.

මියගිය එච්. ජී. ගීතිකා මිහිරාණි මෙවර හෙද විද්‍යාලයට ද ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටියාය.