Thursday, November 24, 2011

අලි මිනිස්‌ ගැටුම වළක්‌වන්න ජීව තල්වැට

අමල් උඩවත්ත
vidusara1.jpg (14529 bytes)

අලි ගම් වැදීම නිසා සිදු වන අලි මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට විදුලි වැට වෙනුවට ජීව තල්වැට වඩාත් සුදුසු තාක්‌ෂණ ක්‍රමවේදයක්‌ යෑයි ප්‍රැක්‌ටිකල් ඇක්‌ෂන් ආයතනයේ පර්යේෂක රණසිංහ පෙරේරා මහතා පෙන්වා දෙයි. මේ වන විට මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ තෝරාගත් ප්‍රදේශ කීපයක ප්‍රජා සහභාගීත්වයෙන් ජීව තල් වැට ඉදි කිරීමට මොණරාගල දිස්‌ත්‍රික්‌ක ලේකම් යූ. කේ. එස්‌. මිහිදුකුලසූරිය මහතා කටයුතු කර ඇත.

පසුගිය දා මොණරාගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක දී අදහස්‌ දැක්‌වූ රණසිංහ පෙරේරා මහතා, "දැනටමත් වල් අලි ගම් වදින ප්‍රදේශවල කිලෝ මීටර් 1400ක්‌ පමණ දුරට විදුලි වැට ඉදි කර තිබෙනවා. මේ සඳහා කිලෝ මීටර් 1කට රුපියල් ලක්‌ෂ 5ක්‌ බැගින් වැය වී තිබෙනවා. මේ විදුලි වැට නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් 25000ක පමණ මුදලක්‌ වැය වෙනවා. මෙහි උපරිම ඵලදායි කාල සීමාව අවුරුදු 5යි.
යෝජිත ජීව තල් වැට සඳහා පැළ සිටුවා අවසන් කිරීමට කිලෝ මීටරයකට වැය වන්නේ රුපියල් 72000ක්‌ වැනි මුදලක්‌. පළමු වසර තුනෙන් පසු තල් වැට සඳහා කිසිදු වියදමක්‌ අවශ්‍ය වන්නේ නෑ. තල් වැටේ ආයු කාලය අවුරුදු 100ක්‌ පමණ වෙනවා. ජීව තල් වැට ඉතා ආරක්‌ෂාකාරී වගේ ම සතුන්ටත් හිතකරයි. තල් ගෙඩි අලින් ගේ ප්‍රධාන ආහාරයක්‌. කිලෝ මීටර් එකක තල් වැටක්‌ සඳහා වන තල් ගස්‌වලින් ලැබෙන අස්‌වැන්න මෙටි්‍රක්‌ ටොන් 270ක්‌ පමණ වෙනවා. මේ අස්‌වැන්න අලින්ට ආහාර හිඟ කාලයක්‌ වන මැයි මස සිට ඔක්‌තෝබර් මස දක්‌වා කාල සීමාවේ දී ලැබීම සුවිශේෂී දෙයක්‌. මේ සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ භාවිත කළ යුතු වෙනවා. තල් පැළ අතර පරතරය අඩි 5ක්‌ විය යුතුයි. පේළි අතර පරතරය අඩි 8ක්‌ වන ආකාරයට පේළි 4ක්‌ සිග්සැක්‌ ක්‍රමයට සිටුවිය යුතුයි. තල් වැට හොඳින් වර්ධනය වීමට අවුරුදු 8ක්‌ පමණ ගත වෙනවා. ඒ නිසා දැනට, තිබෙන විදුලි වැට ඉවත් නො කර විදුලි වැට මායිමේ තල් පැළ සිටුවිය යුතු වෙනවා." යනුවෙන් පැවසී ය.
ජීව තල් වැට නියමු ව්‍යාපෘති තුනක්‌ යටතේ මොණරාගල, අම්පාර, මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවල ආරම්භ කිරීමට නියමිත ය. මේ අනුව මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ උඩවලව ජාතික උද්‍යානයේ විදුලි වැටට සමාන්තරව කිලෝ මීටර් 3ක්‌ දුරට ද, මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වෙරුගල් ප්‍රදේශයේ කිලෝමීටර් 9ක්‌ දුරට ද, අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හිඟුරාන සීනි කම්හල ආශ්‍රිතව ද මේ ජීව තල් වැට ඉදි කිරීමට නියමිත ය.
ඇතින්න සමඟ ගමන් කරමින් සිටි
අන්ධ දළ ඇතා ගැන තොරතුරක්‌ නැහැ 


සීගිරිය- සරත් එරමිණිගම්මන

කලාවැව රක්‍ෂිතයේ සිට ගල්ගමුව රක්‍ෂිතය දක්‌වා ඇතින්නක සමඟ ගමන් කරමින් සිටි ගල්ගමුවේ අන්ධ දළ පූට්‌ටුවා සතියක පමණ කාලයක සිට වන ජීවී නිලධාරීන්ගේ නිරීක්‍ෂණයෙන් බැහැර වී අතුරුදන් වීම හේතුවෙන් එම ඇතා සෙවීමේ මෙහෙයුමක්‌ වනජීවී නිලධාරීන් විසින් ඊයේ (23 වැනිදා) සිට ආරම්භ කර ඇත. අලි ඇල්ලීමේ විශේෂ මෙහෙයුම් ඒකකය ගල්කිරියාව වනජීවී හා සිවිල් ආරක්‍ෂක භටයන් සහ ගජ මිතුරෝ සංවිධානය ඇතා සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇත.





ආන්දෝලනයට තුඩුදුන්
ඇත් පැටවා ගැන පරීක්‍ෂණ

ජගත් කණහැරආරච්චි

දකුණු වනජීවී කලාපයෙන් හමුවී පරිසර ක්‍ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක්‌ව සිටින ඇත් පැටවා පිළිබඳව පරීක්‍ෂාකර බලා තමා වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස මෙරට කීර්තිමත් වන අලි පර්යේෂකවරයකුට දැනුම් දුන් බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා "දිවයින" ට පැවැසීය.

අදාළ උද්‍යාන නිලධාරීන් විසින් මෙම පැටවා "ඇතිනි පැටවකු"" ලෙස හඳුනාගෙන තමන් වෙත ඒ බව දැනුම් දී ඇති බවද, ඉදිරි කාලයේදී මේ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක පරීක්‍ෂණයක්‌ සිදුකර කරුණු හෙළිකරන බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.





තුවාල ලැබූ වල් අලියා
දින කීපයක්‌ එකම තැන

මහියංගන අතිරේක - රංජිත් කරුණාවීර

වික්‌ටෝරියා, රංදෙනිගල රංටැඹේ වන රක්‍ෂිතයට ආසන්න වූ උඩදුම්බර මඩුගල්ල තිඹිරිගහමඩිත්ත ප්‍රදේශයේ තුවාල ලැබූ වන අලියකු ඇවිඳීමට අපහසුව එක්‌තැන් වී ඇති බව තිඹිරිගහ මඩිත්තේ ගම්වාසීහු පවසති. මෙම තුවාල ලැබූ වන අලියා දින හතරක්‌ තිස්‌සේ ඇවිදීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

දින තුනක සිට මේ තුවාල ලැබූ වන අලියා පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද මේ වනතුරු වනජීවී නිලධාරීන් පැමිණියේ නැතැයි ඔවුහු සඳහන් කරති.

දින කිහිපයක්‌ මෙම වල් අලියා පිළිබඳ දැනුම් දුන්නද නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මේ පිළිබඳව ගම්වාසීන් විසින් උඩදුම්බර පොලිසියට දැනුවත් කෙරුණු අතර උඩුදුම්බර පොලිසියේ ස්‌ථානාධිපති සේනක ජයසිංහ මහතා එම ස්‌ථානයට ගොස්‌ තුවාල ලැබූ අලියා පිළිබඳව සොයා බැලීය.
 


ජන්ද සංතෝෂම්වලට පින්නවලින් "අලි" පඬුරු
ජගත් කණහැරආරච්චි

ශ්‍රීපාදස්‌ථානාධිපති ධුරයට හිමිනමක්‌ පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම්වීමත් සමඟ මැතිවරණ සංතෝෂම් ලෙස පින්නවල අලි අනාථාගාරයේ හැදී වැඩෙන අලි පැටවුන් ප්‍රදානය කිරීම ඇරැඹී ඇතැයි දැනගන්නට ඇත. මේ අනුව පින්නවල විසූ "මිහිඳු" අලි පැටවා පසුගිය 18 වැනිදා රාත්‍රියේ පින්නවලින් රැගෙන ගොස්‌ තිබේ.

මෙම "මිහිඳු" අලි පැංවා දැන් උඩවලව සංඛපාල විහාරස්‌ථානයට පරිත්‍යාග කර තිබෙන බවද, එම පැටවා අනාථාගාරයෙන් ලබා ගෙන ඇත්තේ පෞද්ගලික නමකට බවද වාර්තා වේ.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්‌ හිමිනමකගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අලි ඇතුන්ට සම්බන්ධ ප්‍රකට පුද්ගලයකුගේ මැදිහත්වීමෙන් මෙම අලි පැටවා මෙසේ අදාළ විහාරස්‌ථානයට ලබාදී ඇත.
 

Wednesday, November 23, 2011

මව් සෙනෙහස අහිමි වී
2011 නොවැම්බර් මස 23 11:56:00 | අම්පාර වාර්තාකරු
9Share
මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැටවා එක්කෝ අම්මාගෙන් මඟහැරෙන්නට ඇතැයි ද නැත්නම් මව මියයන්නට ඇතැයි ද වනජිවි නිලධරයෝ සිතති. අම්පාරේ සිට උඩවලවේ ඇත් අතුරු සෙවනට පැටවා රැගෙන යාමට නියමිතය.

Tuesday, November 22, 2011

"ඇත් ඇතිනි" ප්‍රශ්නය දුරදිග යයි
"දිවයින" පුවත් ආන්දෝලනයක්‌ වෙයි 


ජගත් කණහැරආරච්චි

ශ්‍රී ලංකාවේ දකුණු වනජීවී කලාපයට අයත් ප්‍රකට වනෝද්‍යානයකින් හමුවී වනජීවී නිලධාරීන් විසින් වාර්තා කරන ලද දළ යුගලක්‌ සහිත "ඇතිනි පැටවා" ගැන පරිසර ක්‍ෂේත්‍රයේ දැන් මහත් ආන්දොaලනයක්‌ හටගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය ප්‍රථමයෙන් "දිවයින" පුවත්පතේ පළවීමත් සමඟ පරිසර හා සත්ත්ව විද්‍යා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකු මේ ගැන පුවත්පතෙන් විමසා සිටි අතර, දකුණු කලාපයේ වනෝද්‍යාන කිහිපයකින්ම කරුණු විමසා සිටි බව උද්‍යාන නිලධාරීහු සඳහන් කරති.

තවමත් මෙම පැටවා පිරිමි සතෙකුද ගැහැනු සතෙකුද යන්න විද්‍යාත්මකව තහවුරු කර නැත.

එහෙත් උද්‍යානයේ සංචාරක මගපෙන්වන්නන් කිහිපදෙනකුම "දිවයින"ට කියා සිටියේ තමන්ට හමුවූ මෙම ඇත් පැටවා තමන්ගේ දැනුමට අනුව ගැහැනු සත්ත්වයකු ලෙස හඳුනාගෙන ඒ බව අදාළ උද්‍යාන පාලකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

එහෙත් "දිවයින" ට විශේෂ ප්‍රකාශයක්‌ කළ ආසියානු අලින් පිළිබඳ විශේෂඥයකු හා පර්යේෂකයකු වන ආචාර්ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ තමන් මෙම ඇත් පැටවා තනිව හඳුනන බව හා පැටවා ඒකාන්තයෙන්ම පිරිමි (ඇතෙකු) සත්වයකු ලෙස තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි. 

Sunday, November 20, 2011

දළ පූට්ටුවාගේ දිවි රැකදුන් පශු වෛද්‍යවරුන්ට උපහාර
2011 නොවැම්බර් මස 20 10:28:47 | දඹුල්ල කාංචන කුමාර ආරියදාස
Share
”දළ පූට්ටුවා” නම කියූ සැනින් දැන් මුළු රටම හඳුනයි. ඒ මෙම සතා විටෙක චණ්ඩියකු ලෙසත් විටෙක අන්ධයකු ලෙසත් විටෙක රෝගියකු ලෙසත් විටෙක අහිංසකයකු ලෙසත් විටෙක මනාලයකු ලෙසත් කතා පුවත් රැසක් මැවූ සතකු නිසාවෙනි.
ගල්ගමුවේ සිට කැකිරාවට පැමිණි මෙම ”ගල්ගමුවේ අන්ධ දළ පූට්ටුවා” රටේම පමණක් නොවේ ලෝකයේම අවධානය යොමුකැරගත් සතකු බවටත් පත් වී හමාරය. එසේම මෙම සතා වනජීවී දෙපාර්තමේන්තුවේ බොහෝ වෙනස්කම් කිරීමට තරම් සමතකු බවට පත්වී ඇති පුවත අපි අනාවරණය කරන්නෙමු.
ගල්ගමුවේ තවත් ඇතින්නක් සමග සිටි දළපූට්ටුවාගේ ගමනාන්තය එක්වරම වෙනස්වී රැස්වෙහෙර, කහල්ල පල්ලකැලේ රක්ෂිතය හරහා ගල්කිරියාගම දෙසට පැමිණියේය. ඒ අතරතුරදී කණවැල ඇල්ලූ ඇතින්න මගහැරී ගියේ ගම්මානයකට පැමිණීමත් සමග වෙඩි වරුසා මධ්‍යයේය. තනිවූ දළපූට්ටුවා හිස හැරුණු අතේ ගමන් කරන්නට විය. ගල්කිරියාගම පුබ්බෝගම ප‍්‍රදේශයේ නගරයට මුලින්ම කඩා වැදුණු ඔහු කලබල වී වාහන කීපයකටද බස්නැවතුම්පළකට ද අලාභ කරද්දී ගල්කිරියාගම පොලිසිය හා වනජීවී නිලධාරීහු එක්ව මෙම ආගන්තුක ඇතා පළවා හැරියහ.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සහ නතර කැර තිබූ වාහන 49කට පහරදී කුඩු පට්ටම් කැර දැමුවේ පැය දෙකක පමණ කාලයක් තුළදීය. මෙම පහරදීම්වලින් පුද්ගලයෝ දෙදෙනෙක්ද තුවාල ලදහ. ඉන් නොනැවතුනු ඔහු නිවසක ගේට්ටුවක්ද කඩාගෙන එම නිවසටද පහරදී තුවාල රැසක් සිරුරට ඇතිකැරගෙන කලාවැව් තාවුල්ලට ගියේය. කැකිරාවේදී සිදුකළ කලබැගෑනියත් සමග දළ පූට්ටුවාගේ සිරුරේ තුවාල අතරේ වෙඩි පහරවල්වලින්ද සංග‍්‍රහ ලබා තුවාල වී තිබිණි. තුවාල නිසා දැඩි අසාධ්‍යයෙන් සිටි ඇතා පිළිබඳව වනජීවී නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය.
පශු වෛද්‍යවරුන් වන තාරක ප‍්‍රසාද්, ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති, චන්දන ජයසිංහ සහ බී.වී.පී. පෙරේරා යන සිව්දෙනා එක්ව වනජීවී නිලධාරීන් තිස් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇතාට ප‍්‍රතිකාර කිරීම, ආහාර ලබාදීම ආරම්භ කළහ. පන්සලක රැඳී සිටිමින් මෙම පිරිස දිවා රාත‍්‍රී දෙකෙහිම ඇතාට සාත්තු සප්පායම් කරන්නට ඔවුන්ගේ හැකි ශක්තිය යෙදවූහ.
ඒ අතරතුරදී දිවයිනේ ප‍්‍රථම වතාවට වනජීවී දෙපාර්තමේන්තුව උපහාර උත්සවයක් බළලූ වැව ඉස්මත්තේදී පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අදහසක් අනුවය.
මෙම ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා මැදිහත් වූ සියලූදෙනාම ඇගයීමකට ලක්කිරීමට ඇමැතිවරයාටද සිත් පහළ වන්නට ඇත්තේ වෛද්‍යවරුන් මෙන්ම සෙසු පිරිස සතාට ප‍්‍රතිකාර කිරීම සඳහා තම දිවි පරදුවට තබා කළ මහත් වූ වික‍්‍රමය නිසාවෙන් යැයි අපට සිතිණි.බළලූවැව් තාවුල්ලේ සිදුකෙරුණු මෙම අන්ධ ඇතා බේරාගත් පිරිසට උපහාර පිදීමේ අවස්ථාවට ”ලංකාදීපය” නියෝජනය කිරීම සඳහා අපට ද ආරාධනා ලැබිණි. එහිදී ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා දැඩි සංවේදී මෙන්ම වනජීවීන් පිළිබඳව දැඩි හැඟීම්බරව කතා කරමින් පුන-පුනා කියන්නට වූයේ මෙම සතාගේ දළ යුගළයට මාන බලා සිටින පාපතර පිරිසක් සිටින බවත් එම පිරිසගෙන්ද සතා ආරක්ෂාකැර ගන්නට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවයි.
තවද දළ පූට්ටුවාට ප‍්‍රතිකාර කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇති අපහසුතා සියල්ල මග හැරීමට පියවර ගන්නා බවද අලි ඇතුන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවටත් 2012 වසර අලි මිනිස් ගැටුම අවසන් කැර අලි මිනිස් සහජීවනය ඇතිවන වසරක් බවට පත් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
විදුලි වැට නඩත්තු සඳහා අලූතින් තනතුරක් ඇතිකැර පිරිසක් බඳවා ගැනීමට දායක වීමටද මෙම දළ ඇතාට හැකිවූ බව ඇමතිවරයා පැවසීය.
මෙම ඇගයීම් උත්සවයේදී වනජීවී පශු වෛද්‍යවරුන්ට මුදල් තෑගි සූදානම් කැර තිබිණි. එහෙත් මෙම වෛද්‍යවරු එය ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ගේ පරම යුතුකම සතුන්ට ප‍්‍රතිකාර කිරීම බවත් එය මිලකළ නොහැකි බව පවසමින් මුදල් ත්‍යාග ප‍්‍රතික්ෂේප කළහ. එයටද ඇමතිවරයාගේ ප‍්‍රශංසාව ඔවුන්ට හිමිවිය.
මෙම උපහාර උත්සවයේදී තවත් අපූරු චරිත දෙකක් හඳුන්වාදීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිවිණි. ඒ ගල්කිරියාගම කලාගම පදිංචි ඞී.එම්. ආනන්ද බණ්ඩාර, ගල්කිරියාගම පදිංචි ඒ.ජී. ජගත් සිල්වා (කුමාර) නමැති දෙදෙනායි. මේ දෙදෙනා කලාවැවේ සහ බළලූ වැවේ ඉස්මත්තේ සිටින අලි ඇතුන් ආරක්ෂා කැර ගැනීමට මෙන්ම වනජීවීන් ආරක්ෂා කැර ගැනීමට වසර 17ක කාලයක් ස්වේච්ඡාවෙන් සේවය කරන දෙදෙනෙකි.
තම ප‍්‍රදේශයේ වනජීවියකුට කුමන හෝ කරදරයක් සිදුවූ විගස වනජීවී නිලධාරීන්ට පෙර මේ දෙදෙනා ඉදිරිපත් වී හැකි අයුරින් සතාගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක‍්‍රියාකරති. වන අලින් වගා ළිංවල වැටෙද්දී ගොඩ ගැනීමට හැකිතාක් මහන්සි වන්නේද වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නේද මෙම දෙදෙනායි. මෙම දළපූට්ටුවාද ඇතැම් අවස්ථාවල මේ දෙදෙනා විසින් ගම්වලට කඩා පනිද්දී සතාට කරදරයක් වීමට පෙර පන්නා දැමීම මෙන්ම එම සතා අතින් සිදුවන්නට ගිය මිනිස් ජීවිතයක් නැතිවීමද වළකාලීමට හැකිවී ඇත. මේ දෙදෙනා කළ සේවය ඇගයීමටද ඇමතිවරයා එහිදී අමතක නොකළේය. සතුන්ට ආදරය කරන එම දෙදෙනා රටට හඳුන්වාදීමේ මෙහෙවරට දායක වූයේද මේ අන්ධ දළ පූට්ටුවායි.
එසේ සොයා බැලූවිට වනජීවී දෙපර්තමේන්තුවේ තනතුරු රැසක් වැඩකරන චරිත බවට පත් කිරීමටත් වැඩ නොකර බලා සිටින අය පිළිබඳවත් කැඞී ගිය විදුලි වැට සක‍්‍රිය කිරීමටත් මෙම දළයාට හැකිවිය. එසේම දළයා නිසා තවත් විශාල වංචාවක තොරතුරු රැසක සුලමුල හෙළිවීමද දළයා කළ යුතුකමකි. ඒ ඇමතිවරයා දළයා බලන්නට පැමිණි අවස්ථාවේදී කලාවැව් තාවුල්ලේ ඉදිකෙරෙන විදුලි වැට වනජීවී දෙපාර්තමේන්තුවේ කීප දෙනකුගේ හොද්ද බොරකැර ගත් ක‍්‍රමවේදයද ඇමතිවරයාගේ කනේ තියන්නට ප‍්‍රදේශවාසීන්ට හැකිවිණි.
ඇමතිවරයා එහිදී දැඩි වේගවත්ව කියා සිටියේ එවැනි නිලධාරින් වහාම ඉවත්කැර දමන ලෙසයි. කෙසේ වෙතත්, ”ගල්ගමුවේ දළ පූට්ටුවා” නම්වූ අන්ධ ඇතා පුවත් රැසක් මවමින් නිවැරදි ගමන් මාර්ගය ඔස්සේ නැවත ගල්ගමුවට ගමන් කරනු ලබමින් සිටින අතර ගල්ගමු මිනිසුන් ඔහු පැමිණෙන තුරු මග බලා සිටින බවද අපට ආරංචි විය.

දළ පූට්ටුවා කලා වැවේදී
පශු වෛද්‍යවරුන් ඇගයීමට ලක්වූ අවස්ථාව
සතුන්ට උදව්කළ සිවිල් දෙදෙනා ඇගයීමට ලක්වීමෙන් පසු
දළයා ඇතින්න සමග ගමන් කරන අයුරු

Moves to control human-elephant conflictDaily News Online

Practical measures have been introduced to control the human-elephant conflict which intensified during the recent past in Mahiyangana and Sorabora Wewa areas, said Wildlife and Agrarian Services Minister S M Chandrasena.
It has been decided to construct an elephant conservation centre near the Mahiyangana Pradeshiya Sabha to take care of wild elephants which destroy village property.
The Minister said that electrified fences will be constructed to prevent elephants encroaching villages. He observed that a seven kilometre electrified fence has already been completed in this area.
The minister made these comments during an inspection tour of the Mahiyanganaya Sorabora wewa area to look into the problems faced by people due to the human-elephant conflict.
He noted that compensation has been paid for the house and property damages incurred due to the human-elephant conflict. Chandrasena said that regional wildlife officers have been informed to chase wild elephants encroaching this area. About four wild elephants often encroach these villages.
The minister said that the main reason for the aggravation of human-elephant conflict is the shrinking forest cover. He said that the forest cover where wild animals live was about 41 percent in 1950 and this has now reduced to 20 percent. He said that prompt measures will be taken to control the human-elephant conflict by 90 percent within next year.
අධිවේගී මාර්ගයට අලිත් ඇවිත්
2011 නොවැම්බර් මස 19 20:52:04 | විශ්ව ගැමුණු ප්‍රියන්කර , බිමල් ශ්‍යාමන් ජයසිංහ
32Share
දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන 27 වැනි දා විවෘත කිරීමට පෙර අදත් හෙටත් මහජනයාට සිත් සේ එහි පිවිස කෙලි සෙල්ලම් කිරීමට ඉඩකඩ සලසා තිබුණි. තැනක තරුණියෝ රබන් ගැසූහ. තැනක ආබාධිත ධාවන තරග පැවැත්විණි. තවත් තැනක නොයෙක් කෙලි සෙල්ලම් විය. බණ්ඩාරගම ගැලනිගම අලි ඇතුන් ඇතුලත් සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පවත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටියග 306 ඒ සිංහ සමාජයේ සභාපති සංවිධානය කළ මේ උත්සවයට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණියේය.

Saturday, November 19, 2011



Four elephant conservation centres to protect both man and animal

 

The government has started to build four elephant conservation centres
 to end the ongoing human - elephant conflicts. Four centres bordering
 national parks in Sri Lanka would be future homes to prevent elephants
 trespassing into villages, W. S. P Pathirathne, deputy director of the
Wildlife Conservation Department told media. 

There is a vast increase in the number of incidents of human - elephant
conflicts which had resulted in the killing of both humans and elephants,
especially in the rural parts of the country, Pathirathne was quoted as
saying by the Xinhua news agency. 

Strong physical barriers are to be built around the conservation centres
to prevent these animals trespassing in to villages. 

"We have planned to build grasslands and waterways which are essential
 for elephant existence in these conservation centres," Pathirathne said. 

"Translocation of elephants in various national parks, which we did earlier
has proved a failure as elephants manage to return to their original
 inhabitants walking many kilometers. In unfamiliar environments,
elephants have become more aggressive and this has worsened
 the conflicts," he said. 

The project is to cost a massive sum as one kilometer of the physical
barrier would cost around 90,000 U.S. dollars. 

Sri Lanka has the highest density of wild elephants in the Asian continent
 he said adding that the recent elephant census revealed there are 5,879
 elephants in the country.

Thursday, November 17, 2011

Jumbos hit by trains: When will these tragedies end?

By Kumudini Hettiarachchi
One is dead and will more follow, for three elephants have been mowed down by the Colombo Fort-Omanthai mail train at the 97.5 milepost between Galgamuwa and Ambanpola at about 3 a.m. last Tuesday.
Ironically this is not the first but the third time that elephants have been knocked down at the same location. It was in June this year that three gentle giants died an agonising death after being hit by a special train carrying Poson pilgrims. A few years prior to that another three were killed practically at the same spot.
Knocked by the train and then dragged by its engine, one young female elephant had her head bashed in and injuries on her abdomen where the train hit her. She fell by the roadside next to the track, was treated by the Department of Wildlife Conservation (DWC) but gasped her last later in the morning, Sampath Ekanayake of the Centre for Conservation and Research told the Sunday Times, describing the tragic incident.
An older female with a one-week-old baby was observed kneeling and stumbling across the road and into the forest at around 6 a.m. with a broken left rear leg and injuries on the abdomen. The third, a male with injuries on both rear legs had dragged himself across the road. He had fallen trying to cross the Mee-Oya into the forest but managed to pull himself into the forest, he said.
“As soon as we heard about the accident, we instructed the driver not to move the train until the elephants had dispersed,” said the Railways Department Additional General Manager N. Bandara, explaining what action the railway authorities have taken in collaboration with the DWC to prevent such elephant deaths.
The train was not moved for 111 minutes (nearly two hours), he said, adding that soon after the accident not only the DWC and the police but also railway officials went to the location.
Referring to the action taken by the DWC-Railway, he said that “running staff” of the railway who man the trains in areas where elephants cross the tracks have been made aware through workshops, while the scrub jungle by the side of the track, especially at bends has been cleared to give a better view to engine drivers.
In addition to the single bright headlight of the train, moves are underway to provide more lighting, said Mr. Bandara, pointing out that moves to take a DWC official in the engine to advise the driver will also be strengthened. They will know where the elephant herds are and in what direction they are moving, he said.
While advising local government bodies not to dump garbage near the railtrack in the Gal Oya and Hingurakgoda areas attracting elephants to such garbage, he said that action will be taken to straighten the track at points well-known for elephant crossings.
Many points where elephants cross the railway track have been identified, said Mr. Bandara, pointing out that there are 10 between Maho and Vavuniya, 13 between Palugaswewa and Gal Oya, 14 between Gal Oya and Trincomalee and 10 between Gal Oya and Batticaloa.
Conservationists, however, question why after “all this action” more and more elephants are hit by trains, tragically at the same spots. What is needed is not “action” but “effective action” they point out. The present tragedy brings the debacle into sharp focus as in this instance the elephants are being hit and killed at a place so well known as an elephant crossing, with DWC and Railway Department signboards clearly indicating so and imposing speed limits of 20 kmph.
Are the trains following the speed limits, ask conservationists. If the Railway Department claims that they are, obviously then the speed limit needs to be lowered to 10 kmph, they suggest.
An investigation was supposed to have been conducted after the incident in June and no doubt another will be after this. However, what effect it will have in preventing such tragedies is questionable, they add.
One of the cow elephants dead
Two cow elephants and one bull elephant were knocked down by the train, a wildlife conservation source confirmed to the Sunday Times.
One of the cow elephants died while the other one which has a baby is moving about with the herd and seems to be having a problem only with her leg, the source said, adding that the bull elephant also with issues with his legs was still walking about.The train seemed to have been going slow, the source said, otherwise more harm would have come to the elephants which had apparently been foraging by the side of the track
ත්‍රි'මලේ වෙල්ගම් විහාර විදුහලට 
දෙවැනි වතාවටත් අලි ප්‍රහාරයක්‌!

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

ත්‍රිකුණාමලය වෙල්ගම් විහාර විදුහලට දෙවැනි වතාවටත් අලියකු පහර දීමෙන් විදුහලේ ඇති එකම ගොඩනැඟිල්ලට අලාභ හානි සිදුව ඇත.

ඉකුත් 13 දා රාත්‍රි කාලයේදී මෙම වල් අලි ප්‍රහාරය එල්ලවී ඇති අතර මීට ඉහතදීද මෙලෙස මෙම පාසලේ ගොඩනැඟිල්ලට අලි පහරදී තිබිණි.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් වසා දමා තිබී නැවත ආරම්භ කළ මෙම විදුහල අවට කැලෑව වැවී තිබීම නිසා නිතර වල් අලි තර්ජන එල්ල වේ.

පාසලට සිදුවූ අලාභය මෙතෙක්‌ තක්‌සේරුකර නැති බව විදුහල්පතිවරයා පවසයි.

Sunday, November 13, 2011

කොටින්ගෙන් වෙඩි කෑ වන්නි මහ කැලේ සද්දන්ත දළ පූට්ටුවා
2011 නොවැම්බර් මස 13 13:14:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
Share
අනූව දශකයේ වන්නි මහ කැලෑවල රජෙක් වන්ව සිටියේ සද්දන්ත කුලයේ දළ පූට්ටු වූ ඇතෙකි. වන්නියේ ජීවත් වූ කවුරුත් මේ ඇතා හැඳින්වූයේ දළ පූට්ටුවා නමිනි. මුලතිවු කැලයේ ජීවත් වූ මේ ඇතා දුටු අය නම් දෙවරක් නොසිතාම කියා සිටියේ ලංකාවේ දිගම දළ පූට්ටුවා මොහු බවය. දළයක් අඩි 9 ක් තරම් දිගු විය. මේ ඇතා සමග නිතර ඇතින්නක්ද දැක ගත හැකි විය. ඇතාගේ දළ පූට්ටුවී ඇති නිසා හොඬය එසවිය නොහැකි වූ බැවින් ඇතින්න කොළ අතු කඩා මේ සද්දන්තයාට කෑම සම්පාදනය කළාය.
ඉඳහිට මේ ඇතා කැලේ සිට වැලිඔය පැත්තේ ගම්මාන දෙසට ඒම පුරුද්දක් විය. දිනක් දළ පූට්ටුවා මුලතිවු කැලේ සිට වැලිඔය පැත්තෙන් මතු විය. එදාත් ඇතා සමග ඇතින්න සිටියාය. වෙනදාට වඩා ඇතාගේ වෙනසක් තිබිණි. ඇතාගේ නළලට හා වම් කකුලට වෙඩි වැදී තිබුුණු අතර නළලෙන් ‘ ඕජස්’ ගලමින් තිබිණි. පැහැදිලිවම මේ ප‍්‍රහාරය එල්.ටී.ටී.ඊ යෙන් ඇතා ඉලක්ක කළ එකක් විය.
වෙඩි වැදී වේදනාවෙන් වැලිඔය සිංහල ගම්මාන දෙසට පැමිණ සිිටි ඇතා කිසිම කළබලයක් කළේ නැත. වැලිඔය හාමුදුරුවෝ මේ පිළිබඳව වහා වනජීවීයට දැන්වූහ. නමුත් මේ තුවාලයට ප‍්‍රතිකාර කිරීමට සුදුසු වෛද්‍යවරයා එදා අනුරාධපුරයේ සිටියේ නැත. ඔහු කුරුණෑගල පැමිණ යළි අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබුණේ ඉන් දින දෙකකට පමණ පසුවය.
ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර කරන තුරු ඇතා කැලයට නොයා රැකගන්නට එදා මේ ප‍්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ ජානක පෙරේරා මහතා විශේෂ මුර සේවයක්ද ක‍්‍රියාත්මක කළේය. මේ අතරේ වැලිඔය හාමුදුරුවෝත් ජානක පෙරේරා මහතාත් වන ජීවී අංශ වෙත වහ වහා මේ පිළිබඳව දැනුම් දෙමින් තිබිණි.
නමුත් ඇතා එදා රෑම වැලිඔය ප‍්‍රදේශයෙන් යළි මුලතිවු කැලයට ගොස් තිබිණි. පසුදා වන ජීවීයෙන් පැමිණ කැලයේ සැතපුම් කාලක් පමණ ගොස් ඇතා සොයා බැලූහ. මුලතිවු කැලයට රිංගු සතා සෙවීම පහසු වූයේ නැත.
මේ සිදුවීමෙන් හය මසකට පමණ පසු දළ පූට්ටුවා යළිත් වැළිඔය ගම්මාන දෙසට ආවේය. එදා ඇතා ආවේ තනිවමය. ඒ පැමිණීම ඇතාගේ අවසාන ගමන බව දකින කාටත් පැහැදිලි විය. එදාම වැලිඔය හාමුදුරුවෝ අනුරාධපුරේ මහ දිසාපතිව සිටි ටී.කේ. දසනායක මහතා මුණගැසෙන්නට ගියහ.
‘මේ පාරත් වෙදකම් කරගන්න බැරි වුණොත් ඇතා මැරෙයි.’ උන්වහන්සේ කියා සිටියහ. නමුත් එවරද නිලධාරීන්ගේ ගමන පමා විය. ඇතා පසුදා බිම ඇද වැටිණි. ඉන් වැඩි වේලාවක් නොගොසින්ම දළපූට්ටුවා මිය ගියේය.
ඇතාට ටී - 56 වෙඩි ප‍්‍රහාර හයක් වැදී තිබිණි. නළලට වැදී ඇති ප‍්‍රහාරය ඉතා දරුණු ලෙස මරණයට බලපා තිබිණි.
‘එල්ටීටීඊයෙන් කැලේ ජීවත් වුණ මේ වගේ අහිංසක සතුන්ටත් හානි කළා. මම නම් හිතන්නේ මේ දළ පූට්ටුවා වන්නියට විතරක් නෙමෙයි මේ රටේම හිටපු දිගම දළ පූට්ටුවා කියලයි. මෙයාගෙන් පස්සෙ ඒ වගෙ කෙනෙක් මම තව අද වන තුරුත් මේ කැලේ දැක්කෙ නෑ.’ වැලිඔය හාමුදුරුවෝ අපට සිහිපත් කළහ.
ඇතා මිය ගිය පසු ඇතාගේ දළ යුගලය වනජීවී එකෙන් කපාගෙන ගියේය. නමුත් පසුව වැලිඔය හිමියන් අනුරාධපුර මහ දිසාපති ටී.කේ. දසනායක මහතාට දන්වා එම දළ යුගලය පදවි පරාක‍්‍රමපුර චේතියගිරි රජමහා විහාරයට ලබා ගත්හ. අදත් එම දළ යුගලය ඉතා සුරැකිව චේතියගිරි විහාරයේදී  ඕනෑම කෙනකුට දැකබලා ගත හැකිය. අදත් මේ දළ යුගලය දකින කෙනකුට මේ සද්දන්තයා ගැන කියන්නට වෙනයම් භාෂා නම් අවශ්‍ය නැත.
සටහන හා ඡායාරූප
අසංක ආටිගල
දළ පූට්ටුවා
චේතියගිරි රජමහා විහාරයේ ඇති දළ පූට්ටුවාගේ දළ දෙක

Thursday, November 10, 2011

දළ පූට්‌ටුවාගේ ඛේදවාචකයට හේතුව 
නූතන සංවර්ධනයද?

මතුගම සෙනෙවිරුවන්

කැකිරාව - තිබ්බොටුවැව මාර්ගය ආසන්නයට කඩා වැදුණු එක්‌ ඇසක්‌ අන්ධභාවයට පත් දළ පූට්‌ටුවාගේ ක්‍රියාකලාපය අලි - මිනිස්‌ ගැටුමක්‌ ලෙසට අර්ථ දැක්‌වෙයි. එහෙත් ගල්ගමුව කලා වැව ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව එම මතය ප්‍රතික්‍ෂේප කරති. මේ ඇතා අහිංසකයකු බව ඔවුන්ගේ මතයයි. මිනිසුන්ට හිරිහැර නොකළ මේ ඇතා රථවාහනවලට පහර දෙමින් වියරුව හැසිරුණේ ඇයිද යන්න විමතියකි.

මීට ටික කාලයකට ඉහත ලොරි තට්‌ටුවක්‌ කඩා වැටී මිය පරලොව ගිය සියඹලන්ගමුවේ ඇතා පවා අහිංසකයකු බව ගණන්ගමුව, මීගලෑව ආදී ගම්මානවල ජීවත් වන ජනතාව ප්‍රකාශ කරති. අලිවෙඩි සහ පහර දීම් මධ්‍යයේ වුවද වතුපිටිවලට රිංගා තම බඩ කට පුරවා ගන්නට උත්සාහ කරන මේ සත්තු මිනිසුන්ගේ අකාරුණික ක්‍රියාකලාපයන්ට ඇතැම් විට මුහුණදී ගත නොහැකිව වල්මත් වන බවද කියති. සියඹලන්ගමුවේ ඇතා මෙවැනි අවස්‌ථාවකදී අවසානයේ ගොඩවදින්නේ ගණන්ගමුවේ විහාරස්‌ථානයටයි. භික්‍ෂූන් වහන්සේලාගෙන් හිරිහැරයක්‌ නොවන බව දන්නා අලි රංචුව රිසි සේ පන්සල් වත්තේ ලැග අවශ්‍යනම් බඩ පිරී නැත්නම් කෙසෙල් ගසක්‌ දෙකක්‌ කා දමා ආපසු සියඹලන්ගමුව රක්‍ෂිතයටම යති. කාරුණික මිනිසුන් අතර මේ සද්දන්තයන් සැමදා අහිංසකයන්මය.

කණ්‌ඩලම, ඉනාමළුව, කහල්ල කලාවැව රක්‍ෂිතවල සිටින අලි ගහනය වර්තමානයේ හීන වී තිබුණද අතීතයේදී මේ සෑම වැව් රක්‍ෂිතයකම වල් අලි දකින්නට සිටි බව පැරැණියන්ගේ මතයයි. උතුරු මැද ශිෂ්aටාචාරය සතුරු ආක්‍රමණ හමුවේ වල් වැදී ගියවිට දී මිනිසුන් සිටි පුරාණ ගම්මාන රාශියක්‌ නටබුන් බවට පත් විය. මේ වනගහනය තුළ අලින්ට නිදහසේ සැරි සැරීමට අවස්‌ථාව ලැබුණේ ඉන්පසුවයි. හේන් ගොවිතැනෙන් ජීවිත ගැට ගසා ගත් මේ පෙදෙස්‌වල ජනතාව වල් සතුන්ගෙන් සිය වගාවන් ආරක්‍ෂා කර ගැනීමට හොඳින් දැන සිටියහ. තමන්ගේ වගාව මැදි වනසේ වැට ගැසීම, සාමූහිකව පැල් රැකීම, ගමනක්‌ යන්නේ නම් අභිචාර කෙරෙහි විශ්වාසය තබා ආරක්‍ෂා වීම පැරැණි ගැමියන්ගේ සිරිත විය.

අනුරාධපුරය, පොළොන්නරුව ආදී උතුරු මැද රාජධානි සමෘද්ධිමත්ව තිබූ කාලවකවානුවලදී මේ ගම්මාන සියල්ල සක්‍රීයව පැවැතුණි. ධාතුසේන රජු කලා වැව බැඳවීමෙන් පසු අනුප්‍රාප්තික රජවරු ඊට නොයෙකුත් වාරිමාර්ග ක්‍රම සම්බන්ධ කළහ. අනුරාධපුරයෙන් ඔබ්බට ද දිවෙන ජය ගංගාව මෙන්ම විල්පත්තුව කරා දිවෙන ඇළ මාර්ගයන් ද මේ කලා වැවට සම්බන්ධ කළහ. 1885 වසරේදී තිසාවැව කරා දිවෙන යෝධ ඇළ ඉංගී්‍රසීන් විසින් ප්‍රකෘතිමත් කරන ලදී. අනතුරුව සියඹලන්ගමුව, ගිරිබාව, සෝලගිරිබාව ආදී වැව් ගම්මාන ද යළිත් හිස ඔසවන්නට විය.

කහල්ල, ඉනාමළුව, වස්‌ගමුව ආදී ප්‍රදේශවල සිsටින අලි රංචු වර්ෂයේ එක්‌ කාලයක පිටාර තැනිතලාවල වෙසෙමින් අසල වනයේ මිහිරි පල වැල බුදිමින් නිල් වන තණ පත්‍රයන්හි රසයන් ද ලබා ගනිමින් සන්තෝෂයෙන් හැසිරෙති. වසරේ වියළි කාලයේදී මේ තැනිතලාවල ආහාර හිඟ වන විට කලා වැව රක්‍ෂිතයට ද ඉනාමළුව රක්‍ෂිතයට ද සැරි සරති. වර්ෂා කාලයේදී රට මැද වාසය කළ ද සියඹලන්ගමුව හරහා කලාඔය දිගේ ගමන් කරමින් විල්පත්තුව කරා ඇදෙන මනරම් මාර්ගය ද අමතක නොකරති. මේ අලි පාර වරින් වර වෙනස්‌ වන්නේ වුවද එම ගමන්වල යම්කිසි රටාවක්‌ දක්‌නට ලැබෙන බව කිව යුතුය. උන්ගේ ආහාර හා ජල මූලාශ්‍ර මත ගමන් මාර්ගය තීරණය වන බව ද පෙනේ.

වැව් නැවත ප්‍රකෘතිමත් කිරීමත් නව ගම්මාන බැඳවීම නිසා කලා වැව මගින් පෝෂිත ප්‍රදේශය පසුගිය දශක පහක්‌ පමණ කාලයක සිට වෙනස්‌ වෙමින් පවතී. 1946 දී (අයි. බී. ආර්. ඩී) ලෝක බැංකු නිර්දේශ මත කලාඔය හරස්‌කොට මහා ජලාශයක්‌ බැඳවීමේ යෝජනාවක්‌ පැමිණියේය. නමුත් එම යෝජනාව 1963 දක්‌වාම ක්‍රියාත්මක නොවීය. 1964- 1967 දක්‌වා කාලය තුළදී රාජාංගන ව්‍යාපාරය ආරම්භ වී මහා ජලාශයක්‌ නිර්මාණය කරන ලදී. සියඹලන්ගමු වැව දක්‌වා කලා වැවේ වම් ඇළ මාර්ගයක්‌ ක්‍රියාත්මකව පැවැති බව ආර්. එල්. බ්‍රොaහියර් මහතා සිය පුරාණ වාරිමාර්ග ග්‍රන්ථයේ දක්‌වා ඇත. මේ ඇළ මාර්ගය සියඹලන්ගමු වැවටත් එතැනින් නැවතත් සියඹලන්ගමුව ඔයටත් වැටේ. ඉන්පසු මැදගම වැලියාව ප්‍රදේශයේදී අමුණකින් හරස්‌ වී අංගමුව වැවටත් ඉන්පසුව පනික්‌කන් කුලමටත් ගිය බවද අනතුරුව නීලබැම්ම නම් මහා අමුණකින් හරස්‌ව කලා ඔයට සමාන්තරව දෙමළ හත්පත්තුව දක්‌වාම ජල මාර්ගයක්‌ ගෙන ගිය බවත් සඳහන්ය.

ලෝක බැංකු උපදෙස්‌ මත සකස්‌ කළ මෙම නව වාරිමාර්ග ව්‍යාපාර පරිසරයට සාපේක්‍ෂ ඉදිකිරීම් නොවීය. පැරැණි කලා වැව වම් ඉවුරු යෝධ ඇළ නොසලකා හරින ලද අතර අලි ඇතුන්ට නිදහසේ ගමන් කළ හැකි මාර්ග සියල්ල අවුරා ලන ලදී. මින් පෙර ඉදි කර තිබූ යෝධ ඇළ අංගමුව වැවට වැටී කලා ඔයට සමාන්තරව වැව් ගම්මාන පෝෂණය කරමින් ගලා බසින ලද අතර වන සතුන්ට නිදහසේ ඔය දෑලේ ගමන් කළ හැකි විය. රාජාංගන ව්‍යාපාරයට අමතරව මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක වීමෙන්a පසුව මහවැලි එච්. කලාපයේ කණ්‌ඩලම ප්‍රදේශය නූතන සංවර්ධනයට ලක්‌ වූ අතර ලොකු කුඩා වැව් රාශියක්‌ මහවැලි මහ සැලැස්‌ම යටතේ කපා හරින ලදී. පෙර දඹුලුඔය, මිරිස්‌ගෝනියා ඔය දෑලේ නිදහසේ වන පත්‍ර බුදිමින් ගමන් කළ අලි ඇතුන් කණ්‌ඩලම සහ ඉනාමළුව රක්‍ෂිතයටද යා ගත නොහැකිව අතරමං වූහ. මේ අලි රංචු කලා වැව, සියඹලන්ගමුව විල්පත්තුව ආදී වන කුට්‌ටිවලට සීමා විය. අලි ඇතුන්ගේ සුපුරුදු ගමන් මාර්ගය අහිමි වී ගිය බැවින් අලි ඇත්තුත් ගම්වලට වැදුණාහ. පෙර කුඩා ගම් වැව් සහ කුළු වැව් ආශ්‍රිතව තිබූ රක්‍ෂිතයන් තුළ ද මේ අලි රංචුවලට සුරක්‍ෂිතභාවයක්‌ තිබිණි. වැව් කපාදැමීම නිසා එම සුරක්‍ෂිතතාවය ද උන්ට අහිමි විය.

නූතන සංවර්ධනයේදී පරිසරය සහ වන සතුන් සමග වන බැඳීම නොසලකා හැරේ. මහවැලි ව්‍යාපාරය මෙන්ම රාජාංගන ව්‍යාපාරය ද සැලසුම් කර ඇත්තේ ඒ ලෙසය. භාණ්‌ඩ එක්‌ තැනකට රැස්‌ කිරීම, එක්‌තැනකින් භාණ්‌ඩ බෙදා හැරීම වැනි ධනවාදී ආකල්ප මත හැසිරවෙන මේ ව්‍යාපාර අනෙකුත් සියලු පරිසර සාධක බැහැර කරයි. අලි ඇතුන් පලවා හැරීමට වෙඩි දැමීම, අලි වැටවල් ඉදිකිරීම, අලි තමන්ගේ වාසභූමි වලින් ඉවත්කිරීම මේ ව්‍යාපාර රැකගැනීමට තිබෙන ක්‍රියාමාර්ගයයි. තමන්ගේ නිදහස්‌ මාර්ග අවහිර වනවිට දී සහ බඩ කට පුරවා ගැනීමට නොහැකි වූ විටදී අලි වියරු වැටෙති. මිනිසුන් විසින් කරන නොපනත්කම්වලට අලි ඇත්තුත් බෙහෙවින් සංවේදී වෙති. ඇතැම්විටදී මග රැක පහරදීමට පවා පෙළැඹෙති.

දළ පූට්‌ටුවා අහිංසකයකු වුවද ඌට කණ වැල ඇල්ලූ අලියා අතරමංව අතුරුදන් වන විටදී යා යුතු මග වැරැදී ගම්මාන හරහා යාමට සිදුවීමෙන් ඇතාට හිරිහැර සිදු වන්නට ඇත. වාහනයකින් පැමිණ ඇතාට වෙඩි තබා පලා ගිය මිනිසුන් ගැන උගේ මතකයේ දැඩි ලෙස රැඳෙන්නට ඇත. බඩ කට පුරවා ගත නොහී අතරමං වූ ඇතා වාහන දුටු තැන පහරදී දිව ගියේ මේ පීඩනය නිසාවෙනි.

අලි ඇතුන් ඇතුළු වනසතුනගේ සහ මනුෂ්‍යයා අතර සහජීවනය පිළිබඳව නැවත සිතා බැලීමට මේ සිද්ධිය දැඩි ලෙස ඉවහල් වනවා ඇත. එහෙත් ඇතා අල්ලා වෙනත් රක්‍ෂිතයකට ගෙන ගොස්‌ දැමීම මගින් ප්‍රශ්නය වසා අත පිස¹ ගැනීම කළහොත් මේ ගැටලුව ඉදිරියේදී තව තවත් උග්‍ර වනවා ඇත. ඉතිරිව තිබෙන මහවැලි රක්‍ෂිත පවා සංචාරක හෝටල් තැනවීමට ක්‍රියා කරන රටක මනුස්‌සකමක්‌ බලාපොරොත්තු වීමද අසීරුය. නමුත් රටට, පරිසරයට ආදරය කරන සත් පුරුෂයන්ගේ ඇස මේ පිළිබඳව යොමු වුවහොත් බුද්ධිමය කතිකාවතක්‌ වහ වහා ඇතිකර ගැනීමට අසීරු නොවනවා ඇත.

Tuesday, November 8, 2011

දැරිය වල් අලියාට ලියුමක් ලියයි
2011 නොවැම්බර් මස 08 16:21:32 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
218Share
දකුණු මොරවැව සිංහල විදුහලේ දෙවැනි වසරේ ඩර්මිලා කාවින්දි පණ්ඩිතරත්න දැරිය වල් අලියකුට ලියුමක් ලියුවාය. ගමටත් ගෙදරටත්  එල්ල වන ප‍්‍රහාර වලින් ඇති වූ වේදනාව එම ලියුමෙන් කියැවේ.
අඹන්පොළ හා ගල්ගමුව අතර මී ඔයදී 
වල් අලි තිදෙනෙක්‌ දුම්රියේ ගැටෙති


මහගල්කඩවල - සේනක ඉලංගකෝන්

උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොළ හා ගල්ගමුව දුම්රිය ස්‌ථාන දෙක අතර පිහිටි මී ඔය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් අලි තිදෙනකු දුම්රියක ගැටී බරපතල තුවාල ලබා ඇත.


කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ගමන් කරමින් තිබූ භාණ්‌ඩ ප්‍රවාහන දුම්රියට මොවුන් වැදී ඇත්තේ ඊයේ (08 වැනිදා) අලුයම 3 ට පමණය. එහිදී තුවාල ලැබූ වයස අවුරුදු 10 ක පමණ ඇතින්නියක්‌ මියයැමට ආසන්නව දැඩි තුවාල සහිතව වැටී සිටියාය. ඉතිරි ඇතින්න හා පැටවා දැඩි පරිශ්‍රමයකින් මී ඔය කැලයට ගමන් කළහ.

මෙම අලි තිදෙනාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරීහු යුහුසුළුව ක්‍රියා කරමින් සිටිති. වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් වල් අලින් බේරා ගැනීමට ඊයේ සවස්‌ වනතුරු වෙහෙසමින් සිටියහ. නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේදී වල් අලින් පාර මාරුවන බවද දැන ගැනීමට තිබේ.

Monday, November 7, 2011

The Newsfirst reports
Tuesday , 08 November 2011











කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ අඹන්පොළ හා ගල්ගමුව
 අතර ප්‍රදේශයේදී අද අලුයම වන අලියෙකු ගැටී තිබේ.දුම්රිය පාලක නිහාල් ෆර්නැන්ඩස්
 පැවසුවේ, අනතුරත් සමග දුම්රිය මාර්ගයේ සිරවී සිටි වන අලියා බේරා ගැනීම සඳහා 
පොලීසියට සහ වන ජීවි නිලධාරින්ද මැදිහත් වූ බවයි.අලි රංචුවක් අනතුර සිදු වූ ස්ථානයට
 රැස්වීම ඊට හේතුවී තිබේ. ඔහු පැවසුවේ, පසුව වන ජීවි නිලධාරින් හා පොලීසිය මැදිහත්ව
 වන අලියා බේරාගෙන ඇති අතර එම අලියා රංචුවත් සමග කැලය වෙත ගොස් ඇති බවයි.
 ඒ හේතුවෙන් අදාළ දුම්රිය පැය එක හමාරක් පමණ ප්‍රමාද වී ධාවනය කිරීමට වූ බව දුම්රිය
 පාලක නිහාල් ෆර්නැන්ඩස් පැවසීය.

Sunday, November 6, 2011

Galgamuwa tusker in sanctuary for now

Should not suffer same fate as blind jumbo Rajah
By Kumudini Hettiarachchi
Blind, confused and used to being near people without creating a commotion, the Galgamuwa tusker which hit the Kekirawa town and ran amok last week is now being treated at the Kala Wewa Sanctuary, a wildlife official said.
“We managed to push him into the sanctuary protected by an electric fence and begin treating his cuts and bruises as well as gunshot wounds by Wednesday,” said the Deputy Director of Wildlife Health, Dr. Tharaka Prasad of the Department of Wildlife Conservation (DWC) who himself supervised the treatment from Monday.
This majestic tusker which is about 40 years old was not eating on Monday but we were able to corner him at the Horapola Wewa Sanctuary and feed him pumpkin and fruit by Tuesday, he said, explaining that the next day they managed to manoeuvre him into the Kala Wewa Sanctuary.
The Galgamuwa Tusker
The tusker, known as the dala poottuwa (crossed tusks) had suffered cuts and bruises from charging at vehicles or knocking on them by mistake because he is blind in both eyes, Dr. Tharaka said, pointing out that he had a huge bruise on his head. He had also been sprayed by gunfire. The injuries, however, are not life-threatening.
When asked how the tusker had ended up at Kekirawa from Galgamuwa, this veterinary surgeon said that elephants migrate but gunfire by someone may have sent him out from his usual foraging area out into the unknown. When it hit the road and came towards Kekirawa, with people thronging to see him and shouting and hooting to chase him away, he would have lost his bearings. (Kekirawa is about 40km from Galgamuwa.)
Pointing out that some of the bull elephants were trying to attack “this stranger” in their midst at the Kala Wewa Sanctuary, Dr. Tharaka explained that DWC officials are very vigilant and chased them off.
Many confirmed to the Sunday Times that although he had many gunshot injuries including the one that made him blind, this tusker had been seen for many years at Galgamuwa and it had never charged anyone or been a threat,
There were also howls of protests by conservationists over alleged moves to take this tusker to either Pinnawela or Uda Walawe.
“There is already one blind tusker, Rajah, at Pinnawela and have you seen its plight,” asked one elephant lover aghast that he spends each day and night chained in a concrete shed, being fed, becoming overweight, legs becoming arthritic without any exercise, awaiting death. It is pathetic, he said, adding that the elephant is like a parked vehicle. This fate which is worse than death should not befall the blind tusker of Galgamuwa.
The other speculation is that the tusker is to be translocated to Uda Walawe and that won’t help either, said another animal rights activist. Being blind he will not be able to find his way about in an unfamiliar place, he would be rejected by other bull elephants and invariably he would try to come back to Galgamuwa creating chaos on the way, he said.
The best thing would be to take him back to home ground at Galgamuwa where he was, which he would probably do on his own if allowed, he added.
Meanwhile, advising how a situation like the one at Kekirawa should be managed, elephant expert Dr. Prithiviraj Fernando of the Centre for Conservation and Research said that if an elephant ventures into a developed area and takes refuge in a patch of scrub, it is best to cordon off the area where the elephant is, prevent crowds gathering, if necessary evacuate people strategically and let him be there till evening. Harassing such an elephant by shouting, throwing firecrackers and shooting at him during the day will not work as the elephant is actually trying to hide from people and does not want to come out into the open.
“Such harassment would only make the elephant irritable, confused and aggressive, and if he does come out it is very likely that he will cause much damage. Instead if the elephant is allowed to remain in comparative calm, when evening falls, he would invariably venture out. Then attempts should be made by clearing a way to guide him back to exiting the developed area,” he added.
With regard to the blind tusker, Dr. Fernando said “an option would be to put a radio collar and track him. That way, he can be monitored. If he gets back to his regular home range it would be well and good and if he ventures out to developed areas he could be headed off. This way we could give him another chance. However, it would require anaesthetizing him, which also carries a risk.”
Let the jumbo recover in peace
Don’t crowd the area where the tusker is being treated, is the plea of DWC’s Dr. Tharaka Prasad. Let the wild animal remain undisturbed to recover in peace. If he is disturbed and gets out of the Kala Wewa Sanctuary there may be more trouble, he adds.