කලාවැව රක්‌ෂිතයට පලවා හරී
කැකිරාව සුදත් ඒකනායක, අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ සිගීරිය සරත් එරමිණිගම්මන
පෙරේදා (29 දා) පෙරවරු 8.00 ට පමණ කැකිරාව කයිලපොතාන ප්‍රදේශයෙන් කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඇති "ගල්ගමුවේ දළ පූට්‌ටුවා" ලෙස හැඳින්වෙන එම සද්දන්ත හස්‌තියා කිලෝමීටර් පහක් හයක් පමණ ගමන්කොට තිබ්බටුවැව ප්‍රදේශයේ ගෙවත්තකට කඩා වැදී තිබිණි.
මෙම හස්‌තියා කුලප්පුවී හිස් ලූ ලූ අත දිවයැම නිසා කයිලපොතාන හා තිබ්බටුවැව ඇතුළු ප්‍රදේශවල ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ද උද්ගතවිය.
පෙරේදා පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 පමණ වනතුරු එම කලබලකාරී තත්ත්වය පැවැතිණි
හස්‌තියා කුලප්පු වී හිස් ලූ ලූ අත දිව යමින් වාහනවලට පහරදීම නිසා දඹුල්ල, කැකිරාව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය පැය හතරක පමණ කාලයක් අඩාලව පැවැති අතර දැඩි වාහන තදබදයක් ද පැවැති බව කැකිරාව පොලිසියේ ප්‍රකාශක යෙකු "දිවයින" ට පැවැසීය.
මේ අතර ඇතාගේ සිරුරේ වෙඩි තැබීම්වලින් ලත් තුවාල රැසක් හා වාහනවලට පහරදීම්වලින් ඇතිවූ තුවාල රැසක් නිරීක්‍ෂණය කළ බවත්, නිර්වින්දනය නොකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වයඹ වනජීවී කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
කහගල්ල වන රක්‌ෂිතයේ සිට පැමිණ ඇති මෙම ඇතා සමඟ සිටි වල් අලියා කිසියම් අනතුරකට ලක්‌ව ඇති බවට සැකකරනු ලබන බවත්, ඒ හේතුවෙන් ඇතා මෙලෙස කුලප්පුවී ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
No comments:
Post a Comment