Friday, December 30, 2011

රූමස්සල හඳුන් දිවියා මහමඟ අවසන් ගමනේ
2011 දෙසැම්බර් මස 30 11:39:48 | සජිව විජේවීර
9Share
රූමස්සල සහ කටුගොඩ කඩොලාන අභයභූමිය ආසන්නයෙන් දිවෙන ගාල්ල - මාතර පාරේ දී හඳුන් දිවියකු වාහනයක හැපී මියගොස් සිටියේය. සිරුර වනජිවී සංරක්ෂණ සංගමයට බාර දී ඇත.


Daily News Online


New sanctuaries for jumbos

Work on four elephant conservation sites planned in selected areas to control the human-elephant conflict would be completed within the next year, Wildlife Conservation Department director general H D Ratnayake told the Daily News yesterday.
He said that the centre in Veheragala has been completed, while the construction of the three other centres in Horowpathana, Maduru Oya and Galgamuwa will be completed within the next year using the budgetary allocation of Rs 100 million.
He said that each of these conservation centres has an area of about 1,500 to 2,000 hectares. All land utilized to set up these centres belong to the Department. Ratnayake said that aggressive wild elephants which often cause damage to village property, affecting the ordinary lives of the people would be relocated in these conservation centres.
He said that ample food and water would be available to the wild elephants in these centres with electrified fences erected around the sanctuaries to prevent these animals encroaching into villages.
As reported, about 200 elephants have died during this year both due to natural causes and as a result of the human-elephant conflict.
Forty eight persons have become victims of the human-elephant conflict during the year. The Director General observed that compared to previous years there is a decline of the number of human lives claimed by the human-elephant conflict.
Daily News Online

Moragahakanda construction has increased wild elephant threat

After the construction work of the Moragahakanda reservoir had begun, the wild elephant threat had increased. Therefore the Wildlife Conservation Department has commenced erecting the electrified fences covering the affected areas in the Matale district.
Due to existing construction activities, five elephant-crossings have been hampered in the area. So, wild elephants coming from the Wasgamuwa Sanctuary, have lost their traditional paths.
As a result, these animals invade the villages causing severe damages.
Therefore the Wildlife Conservation Department has decided to erect the electric fences.
At the first stage, an electric fence from Sadavasalatenna to Rubbiliya, a distance of 32 kilo meters is being constructed at present, while it is due to be extended upto Wewalawewa, adding another 42 kilometers.
In parallel to this the electric fence which is covering Diyakepilla village, will also be extended upto Gedigaswalana, with a view to avoid the invasion of wild elephants from the Sigiriya Sanctuary.
The officials said that this programme was to end soon.

Friday, December 23, 2011

ලබන වසරේ සිට වල් අලි හානි සඳහා   
රක්‍ෂණ වන්දි වැඩි කිරීමට යයි


අනුර බාලසූරිය

වල් අලින්ගෙන් සිදුවන ජීවිත, දේපොළ හා වගාහානි වෙනුවෙන් ගෙවනු ලබන රක්‍ෂණ වන්දි මුදල ලබන වසරේ සිට ඉහළ දැමීමට ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජීවිත හානි හා පූර්ණ ආබාධිත තත්ත්වයන්ට ලක්‌වීමක්‌ වෙනුවෙන් උපරිමය රුපියල් පන්ලක්‍ෂයක්‌, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වූවිට රුපියල් ලක්‍ෂ දෙකක්‌ දක්‌වාත්, දේපොළ හා නිවාස හානි වෙනුවෙන් රුපියල් දෙලක්‍ෂය දක්‌වාත්, ගොවීන් පාවිච්චිකරන උපකරණ (යතුරු පැදි, රෝද දෙකේ ට්‍රැක්‌ටර්) යනාදිය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙක දක්‌වාත් පොල්, කෙසෙල් වැනි ස්‌ථිර වැවිලි සඳහා වසර දෙකකට වැඩි පොල් ගසකට රුපියල් 3000 බැගින්ද, වී, බඩඉරිඟු අතිරේක බෝග සඳහා අක්‌කරයක්‌ සඳහා රුපියල් 30,000 දක්‌වාත් රක්‍ෂණ වන්දි මුදල වැඩිකෙරෙනු ඇත.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා මේ බව අනාවරණය කළේය.

එමෙන්ම අලි මිනිස්‌ ගැටුම වැළැක්‌වීම සඳහා වල් අලි හානි උවදුර ඇති බවට හඳුනාගෙන තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස පනස්‌ දෙකේ ගම් ආරක්‍ෂා කිරීමට වගේම ගම් වදින අලින් සංරක්‍ෂණයටත් පියවර රැසක්‌ ගැනීමට සැලසුම් කර ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ගම්වලට වල් අලින් කඩාවැදීම වැළැක්‌වීමට විදුලි වැටවල්, ජීව වැටවල්, කාණු තැනීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

මිනිස්‌ ජීවිත, දේපොළ වගා හානි වළක්‌වා ගැනීම මෙන්ම වල් අලින් ආරක්‍ෂා කිරීමට දකුණ, ඌව පළාත් ආවරණය වන පරිදි ලුණුගම්වෙහෙරත්, නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි මාදුරුඔය, උතුර, උතුරු මැද පළාත් ආවරණය වන පරිදි හොරව්පතාන, වයඹ පළාත ආවරණය වන පරිදි ගල්ගමුවේ වල් අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හතරක්‌ ඉදිකෙරෙන බවද මින් කිහිපයක වැඩ මේ වන විටත් ආරම්භ කර ඇති බවද හෙතෙම කීවේය.

මෙම සියලු කටයුතු සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් රුපියල් කෝටි දහයක මුදලක්‌ වෙන්කර දී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා ලබන වසරේ අලි මිනිස්‌ ගැටුම සියයට 75 කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.

ලබන වසරේ කිලෝමීටර් 250 ක ප්‍රමාණයක විදුලි වැටවල් ඉදිකෙරෙන බවත්, එම වැටවල් ආරක්‍ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 260 ක්‌ යොදවන බවත් එක්‌ අයකුට කිලෝමීටර් හතක්‌ භාරදෙන බවත් ඒ ප්‍රමාණය බලාගන්නා අතර ඔවුන් මගින් ඔවුන්ට අයත් කොටසේ ජීව වැටවල් සැකසීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

පීඩාකාරී ලෙස හැසිරෙන අලි ඇතුන් සංරක්‍ෂණ මධ්‍යස්‌ථානවලට රැගෙන යන බවත් අලුතෙන් ඇති කරන අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථානවල සංචාරකයන්ට අලි ඇතුන් දැකගැනීමට නිරීක්‍ෂණ වේදිකා ඇතිකරන බවත් කීවේය.

මෙයට අමතරව සියලුම ජාතික උද්‍යාන ප්‍රතිසංස්‌කරණ කිරීම ලබන වසරේ සිදුකෙරෙන බවත් මේ අභයභූමි තුළ සිටින අලි ඇතුන්ට කැලෙන් එළියට පැමිණීමට අවශ්‍ය නොවන පරිදි ඇතුන්ට අවශ්‍ය ආහාර ජලය සැපයීම ඒවාගේ තුළ තිබෙන වැව් ජලාශ ප්‍රතිසංස්‌කරණය කිරීම, තෘණ වගා කිරීම සිදුකෙරෙන බවත් හෙතෙම පැවැසීය.

අලමංකඩවල පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් පැවැසූ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කීවේය. ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙක්‌ සහභාගි වූහ.

Monday, December 12, 2011

මිනිස්සු නිදාගන්නකෙට ගෙරවනවා වගේ අලිත් ගෙරවනවා
ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 6
2011 දෙසැම්බර් මස 11 13:50:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
4Share
ගල්ඔය ජාතික වනෝද්‍යානය වල් අලින්ට පාරාදීසයකි. වැසි සමයට වනාන්තරයේ ඔවුන්ට ඇති තරම් ආහාර තිබේ. ක‍්‍රමයෙන් නියං සමය එළැඹෙද්දී සේනානායක සමුදුරේ ජලය අඩුවෙන්නට පටන් ගනියි. ජලය අඩුවෙන විට ඒ දිය සීරාව නිසා වැව් පිටියේ හොඳින් තණකොළ වැවෙන්නට පටන් ගනියි. සවස 4.00ට පමණ තණකොළ කන්නට වැව් පිටියට බසින අලි රංචු ඇති තරම් කුස පුරවාගෙන වැවට බැස ජලය බී සුවසේ සිටිති. සැන්දෑවේ සිට අලූයම තෙක් වැව් පිටියේ සරන අලින් දහවල් හිරුඑළිය සැර වෙද්දී වන වදිති.
දිනක් නිල්ගල පැත්තෙන් බීඩි කොළ කඩන්නටත්, දඩයම් කරන්නටත් වනයට රිංගු පිරිසක් මකරය ආසන්නයට පැමිණ ඒ අසල සිටි අලි රංචුවක් බියට පත්කර එළවා දැමූහ. අලි රංචුව එකා පිට එකා දිව ගියහ. එසේ යන අතරතුර එක් ඇතින්නක් මඬේ එරිනි. ගොඩඑන්නට දරන සෑම වාරයක් පාසාම ඇතින්නට සිදුවූයේ තව තවත් මඬේ එරෙන්නටයි. මෙසේ දවසක් දෙකක් මඬේ එරී සිටි ඇතින්න හෙම්බත් වූවාය. මකරයේ ඇතින්නක් එරී සිටින බවට ගල්ඔය උයනේ ඉඟිනියාගල මූලස්ථාන කාර්යාලයට පණිවුඩයක් ලැබුණි. එවක උද්‍යාන භාරකරු වූවේ වීරසිංහ මහතාය. ඒ 1994 වර්ෂයේදීය.
”අපි නිල්ගල හරහා මකරෙට ගියා. ගිහින් ඇතින්නව නිරීක්ෂණය කරද්දී අපට තේරුණා ඇය ගැබිනි ඇතින්නක් බව. මඩ වගුරට කොට දාලා ලණු භාවිත කරලා නොයෙකුත් උපක‍්‍රම භාවිත කරලා ඇතින්න ගොඩගන්න උත්සාහ කළත් වැඩක් වුණේ නෑ. ඉන් පසු දින යුද හමුදා සෙබළ පිරිසකුත් සම්බන්ධ කරගෙන ඇවිත් බොහෝම අමාරුවෙන් ඇතින්නව ගොඩගත්තා. නමුත් ඒ වනවිටත් ඇතින්න පැත්ත වැටිලයි හිටියේ. කොතෙක් උත්සාහ කළත් ඇගේ ජීවිතයත්, කුස තුළ සිටිය පැටියත් බේරාගන්න බැරිවුණා. අනිත් සත්තුන්ට වගේ නොවෙයි අලි ඇතුන්ට දින ගණනාවක් නිරාහාරව ඉන්න අමාරුයි.
අපි ඇතින්න ගොඩගන්න මකරෙට එන්න කලින් දඩයක්කාරයෝ එරිලා හිටපු අලියගේ නැට්ටේ කෙඳි විශාල ප‍්‍රමාණයක් ගළවගෙන ගිහින් තිබුණා. ඇත්තෙන්ම ඒවා තිරිසන් වැඩ. අලි කෙඳි යොදලා මුදු හැදීම. අතේ බැඳගෙන සිටීම වැනි දේ වලින් තමන්ට තියෙන කරදර, දෝෂ ආදිය දුරු වෙනවා කියලා මේ සමාජයේ මිථ්‍යා මතයක් තියෙනවනේ. අන්න ඒ නිසයි ඔය වගේ වැඩ කරන්නේ.
වනසතුන් සහ වනාන්තරය රකින්නට ගිය චන්දරේ අයියා, වනාන්තරයේ නොයෙක් උපද්‍රවවලින් දිවි ගළවා ගත් වාර ගණන විශාලය. කුමන උපද්‍රවවලට මුහුණ දුන්නත් ඔහු අධෛර්යමත් වූයේ නැත. බැඳපු තුවක්කුවක් පත්තුවීමෙන් දිනක් ඔහුගේ ජීවිතය අනූනවයෙන් ගැළවුණේය.”ගල්ඔය උද්‍යානයේ තුවාල වුණු අලියකුට බෙහෙත් කරන්න පශු වෛද්‍ය නන්දන අතපත්තු මහත්තයයි, කුසුම්පාලයි, අධිකාරියි මමයි බරවපිටිය පැත්තට ගියා. මම තමයි ඉස්සරහින්ම ගියේ. දඩයක්කාරයෝ සත්තු මරන්න තුවක්කු බැඳලා තියෙන බව අප දන්නවා. ඒ නිසා දිග ලීයක් අරගෙන ඉස්සරහින් යන කෙනා තමන් ඉදිරියේ පොළොව කූරු ගාමින් තමයි යන්නේ. මොකද බැඳපු තුවක්කුවේ නූල පාර හරහා තමයි ඇදලා තියෙන්නේ. ඌරන්ට, මුවන්ට නම් අඩි එකහමාරක් දෙකක් උසින් තමයි තුවක්කුව බඳින්නේ. තුවක්කුව පත්තු වුණොත් සතාගේ ඔළුව, ඉදිරිපස ගාත් හෝ බෙල්ල ප‍්‍රදේශයට මූනිස්සම් වදිනවා. මනුස්සයකුට පත්තු වුණොත් දනිස් කඩලා යනවා. එහෙම වෙච්ච බොහෝ දෙනකුගේ එක කකුලක් කපන්න වෙච්ච අවස්ථා  ඕනතරම් තියෙනවා.
ඉතින් මම එදා ලීය ගගහා ඉස්සරහින්ම ගියා. මේ විදිහට කැලේ මැදින් ටික දුරක් යද්දි ”ඩෝං” ගාලා වෙඩිල්ලක් පත්තු වුණා. මුළු පළාතම දුමෙන් වැහුනා. මගේ ලීය අටවපු තුවක්කුවේ නූලේ වැදිච්ච ගමන් තමයි පත්තු වුණේ. බැඳපු තුවක්කුවලින් බේරෙන්න තියෙන හොඳම ක‍්‍රමය තමයි ඒ විදිහට ලීයක් භාවිත කිරීම.
නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ කේ.ඒ. අමරතුංග මහත්මයාගේ කාලෙදි, දවසක් එතුමා මටත්, වනජීවී නියාමක සරත් ද සිල්වාටත් ස්ථීර කම්කරු එම්.එම්. කරුණාරත්නටත් නියෝග කළා. පල්ලංඔය - දේවාලහිඳ ප‍්‍රදේශයේ විදුලි වැට ඉදි කිරීම සඳහා අදාළ මාර්ගයේ සලකුණු කරන්න කියලා. අපි තුන්දෙනා කැලේ මැදින් අඩි පාරවල් දිගේ අදාළ සලකුණු කිරීම් කළා.
මෙහෙම ඉස්සරහට යද්දි ගෙරවුම් හඬක් ඇහුනා. තවත් විපරමින් බලද්දි ගස් සෙවණක ගල් කුලකට හේත්තු වෙලා අලියෙක් නිදි. අලින්ගේ නින්ද දෙයාකාරයකට සිද්ධ වෙනවා. එකක් තමයි හිටගෙන ගසකට හෝ ගලකට හේත්තු වෙලා නිදා ගැනීම. අනිත් ක‍්‍රමය තමයි පැත්ත පෙරලිලා නිදාගැනීම. පැත්ත පෙරලිලා නිදාගන්නකොට අපි කොට්ටයක් භාවිත කරනවා වගේ අලියත් එයාගේ ඔළුව උස් තැනකයි තියාගන්නේ. එක්කෝ උස් පස් කන්ඩියක නැතිනම් හුඹහක, එහෙමත් නැත්නම් ගස් මුල්වල. අලියා ඒ විදිහට නිදාගන්නේ හදිසියකට ඔලූව උස්සලා ඉක්මනින් නැගිටීම සඳහා.
මිනිස්සු නිදාගන්නකොට ගොරවනවා වගේ අලිත් ගොරවනවා. ඒ ගෙරවුම් හඬ මීටර් 40ක් විතර ඈතට ඇහෙනවා. නිදාගෙන හිටියට නිතරම හොඬවැල එහාට මෙහාට හරවමින් ඉව අල්ලනවා. උදේ 9.00ට විතර ගස් සෙවණක නිදාගන්න අලියෙක් දවල් 11.00ට විතර තමයි අවදි වෙන්නේ. දවසක් අපි ඉතාමත් ආරක්ෂාකාරීව (ඉව නොදැනෙන්න, හුළං අත බලා) මීටර් 10ක් විතර නිදාගත් අලියෙක් ආසන්නයට ගියා. ගල් කීපයක් අලියා ළඟටම විසි කළත් අලියා ඇහැරුණේ නෑ. අපේ හඬ සහ ඉව දැනුනම තමයි ඌ ඇහැරුනේ. අපි ඒ වෙලාවේ හෙමිහිට මාරු වුණා.
අලියගේ ඇස්වල පිහිටීම අනුව ඉදිරිය පැහැදිලිව පේන්නේ මීටර් 25ක පමණ දුරක් විතරයි. දෙපැත්ත නම් මීටර් 40ක් පමණ පේනවා. අලියා මිනිස්සු පසුපස එළවන්නේ පෙනීම පමණක් නිසා නොවෙයි. ඉවත් ඒ සඳහා උපයෝගී කරගන්නවා. අලියට හොඳට බඩ පිරෙන්න කන්න නම් ඌ දිනකට සැතපුම් 25ක පමණ දුරක් ඇවිදිනවා. එකම ප‍්‍රදේශයක වුවත් ඒ දුර ඇවිදිනවා. සාමාන්‍යයෙන් අලියකුට දිනකට තණකොළ හෝ ගස්වල කොළ අතු හොන්ඩර 20ක්වත්  ඕන.
එදා අපි විදුලි වැට ගෙන යා යුතු මාර්ගය සලකුණු කරමින් දෙමටඇල්ල වැව ළඟට ආවා. අනික් දෙන්නා කැලේ මැද වැඩකරද්දි මම විදුලි වැට මාර්ගය බලන්න තවත් ඉස්සරහට ආවා. ඇවිත් දෙමටඇල්ල වැවේ ඉවුරේ දිරාගිය ගසක් ළඟ නතර වුණා. ඒ ගහේ නොපෙනෙන තැනක ලොකු බෙණයක හැංගිලා හිටපු ඌරු තඩියෙක් එක සැරේම මගේ ඉස්සරහට පැනගෙන ආවේ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරලා නෙවෙයි. ආපු වේගෙටම උගේ හොම්බෙන් මගේ කකුල් දෙකට ගැහුවත් එක කකුලකට විතරයි වැදුනේ. මම ඒ පාරට එතනම ඇදගෙන වැටුණා. එහෙම ගහලා මූ ආයෙත් බෙනේ පැත්තට දුවලා ආයෙත් හැරිලා ආවා. මමත් ක්ෂණිකව නැගිටලා එතන බිම තිබුණු තරමක් දිරච්ච පොලූ කෑල්ලක් අතට අරගෙන ඌරා එන වේගෙටම පැත්තකට පැනලා දෑත බදලා ගැහුවා. උගේ හොම්බට ”පටාස්” ගාලා වැදුනා. ඌ හඬතලාගෙනම දිව්වා. දුවලා ගිහින් කැලේට වැදිලා අතුරුදන් වුණා. මට තුවාල නොවුණත් කකුලේ පොඩි තැල්මක් තිබුණා.
සටහන සහ සේයා රූ - දිගාමඩුල්ල සමන් දිසානායක


Humans vs. elephants: Sri Lanka’s tragic on-going conflict

The Daily Mirror a few days ago noted that in a bid to ease the growing human-elephant conflict in the country, the Wildlife Conservation Department had undertaken moves to restrict the habitat of rogue elephants to a 2500 acre jungle area in Veheragala, Lunugamvehera and Horawapathana. Quoting the Wildlife Conservation Department’s Director General, Chandrawansa Pathiraja, the paper noted that rogue elephants from other areas would be trans-located to these locations, which will be bordered with electric fencing.
Similar efforts, however, in the past have failed. Jayantha Jayewardene is the Managing Trustee of the Biodiversity and Elephant Conservation Trust shared some thoughts on the human-elephant conflict in Sri Lanka on a televised interviewed.
We begin our conversation by looking at precisely why there is a human-elephant conflict in Sri Lanka, looking at the issues over land use (framing) and demarcation (fencing and other means). Giving a detailed explanation of the nature and extent of the home range and the size of the herd that inhabits it, Jayantha looks into the reasons why elephants are increasingly attacking villagers, and damaging villages.
This is a serious issue. Over 10 years, there have been over 1,300 elephants that have been killed and on average, over 60 humans a year for the past 15 years are killed by elephants.
Jayantha makes the point that there is no guarantee of success when translocating an elephant or herd, and gives the example of one tusker who travelled back over 100 miles, crossed a river and went back to the area he was moved from. Jayantha also speaks about the problem of habituation, when elephants become more aggressive over time and get used to the means to drive them away, like bright lights and firecrackers.
Another challenge he points out is the almost complete lack of coordination and collaboration between various line ministries responsible for the environment and wildlife. Countering the assertion of the Wildlife Conservation Department’s Director General, Chandrawansa Pathiraja that electric fencing is enough to keep elephants within their new territory, Jayantha submits that over time, these fences are often neglected and that on occasion, the villagers themselves take the wire away for their own use. Tragically, he also notes that some drunk villagers also decide, in a moment of bacchanalic bravado, to take on the elephants, with predictable consequences.
Noting that much could be learnt on how to tackle the human-elephant conflict by looking at examples from South and South-East Asia, also stating that even those most affected by the violence are against culling them, and just want a clear demarcation of territory.
Jayantha ends by sharing some thoughts on the future of elephant conservation, and how what is a very emotional issue needs dispassionate, pragmatic solutions.
Source:

Sunday, December 11, 2011

යාල වන උයන
ලොවේ බැබලවීමට නම්...

පසුගිය සතියෙන්.....


රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදාවේ වෛද්‍ය වරයෙකු මෙන්ම එහි වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාද වේ. එහෙත් ඔහු අප වඩාත්ම හොඳින්ම හඳුනන්නේ ප්‍රකට හා ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. පරිසරවේදියකු හා පරිසර ගවේශකයකු ලෙසිනි. ඔහු තමන් උපන් මව්බිමේ හෙවත් ශ්‍රී ලංකාව නම් අපගේ මෙම රම්‍ය දිවයිනේ වන සතුන් ගැනද, පරිසරය ගැනද කතාකරන්නේ මහත් භක්‌තියකින් හා ආදරයකිනි. ඒ අතුරින්ද ඔහු වනජීවී ඡායාරූපකරණයට අත්පොත තැබු යාල වනෝද්‍යානයට දක්‌වන්නේ ළබැඳි සෙනෙහසකි. විශේෂයෙන්ම යුද්ධයේ නිමාවත්, සංචාරක කර්මාන්තයේ පිබිදීමත් සමඟ යාල වනෝද්‍යානයේ පැවැත්ම හා අනාගතය ගැන ඔහු මෙසේ හඬ අවදිකරන්නේ තමන් යාල වනෝද්‍යානයෙන් ලැබූ දැට කෘතගුණ දැක්‌වීමක්‌ වශයෙන් හා ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ආරක්‍ෂාව ගැන බලධාරීන් අවදිකරනු පිණිසය.

සෆාරි වාහනවල ප්‍රමිතිය හා බස්‌රථ ඇතුළු කිරීම

යාල උද්‍යානය නිසා සෆාරි ජීප්රථකරුවන් රැසක්‌ ආදායම් ලබනවා. ඔවුන් සංචාරක පහසුකම් සපයන්නන් වගේම, උද්‍යානයෙන් යෑපෙන්නන් නිසා උද්‍යානය රැක ගැනීමත් වනජීවීන් රැකගැනීමත් ඔවුන්ගේ විශාල වගකීමක්‌. ඒත් අද යාල තියන සෆාරි ජීප්රථ බොහෝමයක්‌ ප්‍රමිතියෙන් තොරයි. පරිසර දූෂණය (දුම නිසා) ශබ්දය, කැඩුණු අබලන් වාහන නිසා සංචාරකයන්ට හා වන සතුන්ට ජීවිත අවදානම වැඩියි. ඒ නිසා අවම ප්‍රමිතියකින්වත් මේ ජීප්රථ තිබිය යුතුයි. ප්‍රමිතිය වගේම ජීප්රථ ලියාපදිංචියත් රියදුරන්ට වලංගු රියදුරු බලපත්‍රයක්‌ද තිබිය යුතුය.

බස්‌ රථ (දොර දෙකේ පවා) උද්‍යානයට ඇතුල් කිරීම බරපතල වරදකි. ඇතැම් බස්‌ නාමපුවරු සහිතව උද්‍යාන තුළ ගමන් කරනු පෙනේ. මෙය ලෝකයේ කිසිදු උද්‍යානයක සිදු නොකෙරෙන ක්‍රියාවකි. බස්‌රථ ඇතුළු කිරීම වහාම තහනම් කළ යුතුය. මෙය උද්‍යානයේ තත්ත්වයට වගේම වනජීවී ආරක්‍ෂාවට දැඩි තර්ජනයකි. සංචාරක නඩ සඳහා ගමන් පහසුව සැලසීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඉන්දියාවේ නම් මේ සඳහා තැනූ හරිත වර්ණ, අඩු ශබ්දය ඇති විවෘත ටිපර් වැනි රථ භාවිත කෙරේ. මෙය ලංකාවේත් ක්‍රියාත්මක කළ යුතු අතර වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් වාහන ලබාදිය යුතුය.

මාර්ගෝපදේශක වෘත්තිය

මාර්ගෝපදේශකයා යාල වනෝද්‍යානයේත් රටේත් වනජීවී සංරක්‍ෂණ තත්ත්වය හාඋද්‍යානයේ ආඩම්බරය ලොවට ගෙනයන පුද්ගලයාය. එබැවින් ඔවුන්ට වැඩිදුර වෘත්තීය අධ්‍යාපනය ලබා දිය යුතුය. ප්‍රියමනාප කතාව, ඔවුන්ට අත්‍යාවශ්‍ය දෙයකි. මේ සඳහා චෝදනා තිබේ. ඔවුන්ට වැඩමුළු හා මූලික දැනුම විද්‍යාත්මකව ලබාදිය යුතුය. ඇතැම්විට මාර්ගෝපදේශක යන් නැතැයි කියා ජීප්රථ රියෑදුරන් තනිව (තම අභිමතය පරිදි) ජීප්රථ රැගෙන යනු දක්‌නට ලැබේ. එහිදී දැඩිසේ උද්‍යාන නීති උල්ලංඝනය වේ. දිවියන් ජීප්රථවල ගැටෙන්නේ මෙවන් අවස්‌ථාවලදීය. මාර්ගෝපදේශකයන්ට සුදුසු නිල ඇඳුමක්‌ නැති වීම විශාල අඩුපාඩුවකි. රාජකාරි නිල ඇඳුම මාර්ගෝපදේශක කාර්යයට කිසිසේත් නොගැලපේ. එවන් නිල ඇඳුම, දෘඪ සපත්තු ඔහු පමණක්‌ නොව සංචාරක නඩයම අප්‍රසන්නතාවට පත්කරයි. කළ යුතුව ඇත්තේ අපවැනි ඝර්ම කලාපීය රටකට ගැලපෙන සේ හරිත වර්ණ, වැදගත් පිළිවෙළක්‌ සහිත සහ යාල උද්‍යානයේ අනන්‍යතාව කියෑවෙන ටී ෂර්ටයක්‌ සහ කලිසමක්‌ද, කැන්වස්‌ වැනි සපත්තු යුගලක්‌ද සහිත චාම් සැහැල්ලු නිල ඇඳුමක්‌ මාර්ගෝපදේශකයාට ලබාදීමයි. ලෝකයේ සෑම වනෝද්‍යානයකම පාහේ තත්ත්වය එහෙමය. එහෙත් ලොවක්‌ පිළිගත් යාල තත්ත්වය කෙතරම් කනගාටු දායකද?

අවසන් වශයෙන් කිව හැක්‌කේ යාල උද්‍යානයේ දොරටුව කාර්යාල සංකීර්ණය අසලම ස්‌ථාපිත කිරීමත් සංචාරක පහසුකම් දියුණු කිරීමත් කළ යුතුව ඇති බවය. ලොවක්‌ පිළිගත් උද්‍යානයක්‌ තුළ පිරිසිදු හොඳ තත්ත්වයේ වැසිකිළි පද්ධතියක්‌වත් නැත. වාහන රථගාලක්‌, සංචාරකයන්ට ගිමන් නිවීමට තැනක්‌. ආහාර ගැනීමට හොඳ තත්ත්වයේ ආපන ශාලාවක්‌, කෞතුකාගාරයක්‌ නිර් මාණය කළ නොහැක්‌කේ ඇයි? ඕනෑ තරම් පරිත්‍යාගශීලීන් මේ සඳහා දායකත්වය සපයාවි. එහෙත් ඒ සඳහා බලධාරීන් මූලිකත්වය නොගන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. අවම තරමින් ලොවක්‌ පිළිගත් මේ උද්‍යානයේ උද්‍යාන පාලකවරයා සිටින ස්‌ථානය බලන්න. එය ඉතා කුඩා කාමරයකි. ඔහුගේ අභිමානය, ඔහුගේ තරම වෙනුවෙන් කාර්යාල සංකීර්ණයක ඉතා හොඳ කාර්යාලයක්‌ යාලට තිබිය යුතුය.

මේ සියල්ල අප කතා කරන්නේ යාල වනෝද්‍යානය රැකගැනීම සඳහා වන දීර්ඝකාලීන ආයෝජනයක්‌ වෙනුවෙනි. යාල වනෝද්‍යානයට විශේෂයෙන්ම සීමාන්තරික කලාපයක්‌ (මිනිසුන්ගෙන්, හෝටල්වලින්, ගෙවල් ඉඩකඩකම් වලින් තොර) අත්‍යාවශ්‍යම දෙයකි. එය උද්‍යානයේ ආරක්‍ෂාවේ ප්‍රධානතම අවශ්‍යතාවකි. සෆාරි ජීප්කරුවන් වැනි අය උද්‍යානයේ සංරක්‍ෂණ කාර්යයන්ට බාහිරින් දායක කරගත යුතුය. මේවා මගින් උද්‍යානය දිගුකල් රැකේ. හෝටල්, සෆාරි සේවා ස්‌ථාවර වේ. සියල්ලටත් වඩා වන සතුන්ගේ පැවැත්මට හොඳ කලක්‌ උදාවේ. එසේ නොවුණහොත් තවත් ඉතා නොබෝ කලකින්ම උද්‍යානය අප කාහටවත් අහිමිවිය හැකිය. දැන් ඇති ප්‍රවණතාව එසේය. යාලෙන් අසිරිය උකහාගත් අයකු ලෙස මට මේවා නොකියා සිටිය නොහැකිය. යාලට අප ණය ගැතිය. එනිසා යාල රැකගත යුතුය. වහාම යාල රැකගැනීම සඳහා ක්‍රියාත්මකවන්න, මා වනජීවී බලධාරීන්ගෙන්ද එසේ ඉල්ලා සිටින්නට කැමැතියෑයි රියර් අද්මිරාල් ලලිත් ඒකනායක පවසයි.
සාකච්ඡා කළේ
ජගත් කණහැරාඅරච්චි
ඡායාරූප
රියර් අද්මිරාල් ලලිත් ඒකනායක

Friday, December 9, 2011

අලි කරදරයෙන් අනුරපුර ගම්මාන
30 ක්‌ රැක ගැනීමට විදුලි වැටක්‌


අනුර බාලසූරිය

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වල් අලි තර්ජන තිබෙන ගම්මාන 30 ක්‌ පමණ ආවරණය වන පරිදි කිලෝමීටර් අසූවක්‌ පමණ දිග විදුලි වැටක්‌ ඉදිකිරීමට පියවර ගෙන ඇත. ගොවිජනසේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ උපදෙස්‌ පරිදි මෙය ඉදිකෙරෙන අතර මේ සඳහා ඇමැතිවරයා රුපියල් මිලියන 40 ක මුදලක්‌ වෙන්කර දී තිබේ. මෙම විදුලි වැඩ ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමැතිවරයා උපදෙස්‌ දී ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ නාච්චාදූව වැව්ඉස්‌මත්තේ අක්‌කර 1000 ක හා හුරුළුවැව් ඉස්‌මත්තේ අක්‌කර 2000 ක්‌ පමණ අලින් ජීවත්වන කැලෑ භූමි ප්‍රමාණයක්‌ විවිධ පුද්ගලයන් වගකීමෙන් තොරව එළිපෙහෙළි කිරීම මෙම වල් අලි උවදුරට හේතු වී තිබේ.

අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර උළුක්‌කුලම ප්‍රදේශවලට මෙම වල් අලි තර්ජනය විශාල වශයෙන් බලපා ඇති බැවින් කඩිනමින් විදුලි වැට ඉදිකරන ලෙස විෂය භාර ඇමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

මෙයට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව තිබෙන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන ආවරණය වන පරිදි පුත්තලම දක්‌වා කිලෝමීටර් 95 ක විදුලි වැටක්‌ ඉදිකෙරෙන බව ද ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
තවත් අලියෙක්‌ දුම්රියට බිලි
කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පසුගිය 9 දා අලුයම අලි මරණයක්‌ සිදුවී ඇත. කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස්‌කොටුව අතර දෙසිය තිස්‌පස්‌වැනි කණුව අසලදී මෙම අලියා ගැටී ඇත. අලියා දුම්රියේ ගැටී මීටර් සියයක්‌ පමණ ඇදී ගොස්‌ දෙකට වෙන් වී මියගොස්‌ සිටියේය.

මින්නේරිය හා කවුඩල්ල වැව් ජලයෙන් පිරී ඇති නිසා මේ දිනවල මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල වාසය කළ වල් අලි හුරුළු රක්‍ෂිතයට සංක්‍රමණය වෙති. මීට සති දෙකකට පමණ පෙර ද මේ ආසන්නයේම අලියකු දුම්රියේ ගැටී ඇත.



හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන




Wednesday, December 7, 2011

Elephant pays a surprise visit

E-mailPrint


A wild elephant entered the premises of the Deliwala School in Walapane today which created a tense situation in the area. 
 
According to the police 26 students receives their education at the school. The elephant had come to the playground of the school from a forest nearby. 
 
Following the incident the District Secretary of Nuwara Eliya instructed the authorities to take steps to ensure the security of the students and the teachers of the school. 
 
The Walapane police said that the elephant was chased to the nearby forest with the help of wild life officers and no harm had been done. 
 
According to the police the elephant is believed to have been left behind by his pack. No property was damaged by the wild elephant, the police said.  (Supun Dias and Shelton Hettiarachchi)