Tuesday, January 31, 2012

vidusara1.jpg (14529 bytes)


පිළියමක්‌ නො යෙදුවොත් අලි අනතුරක්‌ අත ළඟයි 

මේ උඩවලව ජාතික වනෝද්‍යානය අසලින් ගමන් කරන ඕනෑ ම කෙනකුට දක්‌නට ලැබෙන සුලබ දර්ශනයක්‌. උද්‍යානය තුළ නිදහසේ ආහාර සොයා යන මේ අලි මහපාර ආසන්නයේ විදුලි වැට අයිනට වී මෙහෙම නිකරුණේ බලා සිටින්නේ ඇයි? සොයාගෙන කෑම වෙනුවට ඉල්ලාගෙන කෑමට උන් පුරුදු වෙලා. කාගෙන් ද මේ කෑම ඉල්ලන්නේ? පාරේ යන මිනිසුන් ගෙන්. ඇයි මෙහෙම ඉල්ලන්නේ? මිනිසුන් දෙන කෑමට උන් පුරුදු කර ඇති නිසා.

මේ අශෝබන ක්‍රියාවට උඩගෙඩි දෙන ගම් වැසියෝ පලතුරු කඩදාගෙන අලින්ට කන්න දෙන්න පලතුරු විකුණනවා. මේක මහ විනාශයකට මුල පිරීමක්‌. එකක්‌ නිරෝගී අලි නිකරුණේ රෝගී වීම. අනෙක කවර හෝ මොහොතක විදුලි වැට කඩාගෙන පාරට ආවොත් මහා විනාශයකට මුල පිරීමක්‌. පරිසරවේදීන් අදාළ බලධාරීන්ට කාලයක්‌ තිස්‌සේ අනතුරු ඇඟවීම් කළත් කිසි ම පිළියමක්‌ මේ වන තෙක්‌ යොදා නෑ. දැනට තිබෙන විදුලි වැටට අඩි 60ක්‌ ඇතුළතින් තවත් විදුලි වැටක්‌ ඉදි කර ඒ අතරට ජීව වැටක්‌ ඉදි කිරීමට යෝජනා වුණත් තවමත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. වන ජීවින් භාර ඇමැතිවරයා ගෙන් විදුසර කළ විමසීමක දී ඒ මහතා කිව්වේ ළඟ දී ම විදුලි වැටත් ජීව වැටත් ඉදි කරන බවයි. ඇමැතිතුමනි, වැඩේ ඉක්‌මන් කරන්න, අපි අවධානයෙන් ඉන්නවා.
සටහන හා ඡායාරූප - අමල් උඩවත්ත
 

Monday, January 30, 2012

තව අලියකුට අවසන් ගෞරව
2012 ජනවාරි මස 30 12:49:11 | . , ප්‍රියන්ත හේවගේ
12Share
වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.

Friday, January 27, 2012


හබරණ අලි බලන්න පොරේ
2012 ජනවාරි මස 27 11:16:41 | කාංචන කුමාර ආරියදාස
26Share
මේ දිනවල හබරණ මින්නේරිය මාර්ගයේ වල් අලි බොහෝය. දෙස් විදෙස් සංචාරකයෝ ද බොහෝය. පවුල් පිටින් අලි ඇත්තු ද වැඩි වැඩියෙන් කලඑළියට එති. ඡායාරූපවලට මුහුණ දෙති.






Sunday, January 22, 2012



මගේ දැස්‌ මට විශ්වාසයිමේ නම් එකම ඇතින්නගේ
නිවුන් පැටවුන් දෙදෙනාමයි

මේ කතාව කියන්නට පෙර, කතාවට පසුබිම් වන ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා ගැන යමක්‌ සඳහන් කළ යුතු යෑයි මට හැඟේ. අද ජර්මනියේ ෆුල්ඩා නම් සුන්දර පෙදෙසේ ඉදි වූ තම නිවසේ ආදරණීය බිරිඳ Marion දූවරුන් දෙදෙනා වන Tashina සහ Julika සමඟ දිවිගෙවන අයිවෝ වැන්කියුලන්බර්ග් නම් වනදිවි ඡායාරූප ශිල්පියා සැබැවින්ම පරිසර හිතකාමියෙකි. දේශ ගවේශකයෙකි. විශිෂ්ට ගණයේ සංචාරක මාර්ගෝපදේශකයෙකි. ඒ සියල්ලටත් වඩා ඔහු වනසතුන්ට ආදරය කරන, පරිසරය පිළිබඳ, ගහකොළ සතා සිව්පාවා පිළිබඳව හොඳ ඇසක්‌ ඇති ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකි.

අයිවෝ උපන්නේ ශ්‍රී ලංකාවේය. සැබැවින්ම ඔහු සාඩම්බර ශ්‍රී ලාංකිකයෙකි. ලංකාවේ අභිමානය ලෝකයට ගෙන ගිය සුන්දර මිනිසෙකි. කැලණියේදී උපන් අයිවෝ අධ්‍යාපනය ලැබුවේ ත්‍රිකුණාමලයේදීය. ඒ ඔහුගේ සොයුරු බ්‍රයන් වැන්කියුලන්බර්ග් එකල ත්‍රිකුණාමල නාවික කඳවුරේ කිමිදුම් ශිල්පියකු ලෙස සේවය කළ නිසාය. කෙසේ හෝ අවසානයේදී අයිවෝ තම ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ සංචාරකයන් සඳහා මඟ පෙන්වීමේ වෘත්තියයි. ලංකාවේ එවන් සංචාරක නියෝජිතායතන කිහිපයකම සේවය කළ ඔහු අන්තිමේදී නතර වූයේ ජර්මනියේ ෆුල්ඩාවේය. ඒ සංචාරකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි Marion ඔහුගේ ආදරණීය බිරින්දෑ බවට පත් වූ නිසාය.

ෆුල්ඩාවේ පදිංචි වුවත් අයිවෝ තම සංචාරක මඟපෙන්වීමේ වෘත්තීය අතහැර දැමුවේ නැත. ජර්මනියේ සිට සංචාරකයන් ලංකාවට පමණක්‌ නොව, ලෝකය වටේ ගෙනයන්නට අයිවෝට අවස්‌ථාව ලැබුණේ වරක්‌ දෙවරක්‌ නොවේ. මෙසේ ගිය ගමන්වලදී ලෝකයේ ප්‍රකට වනෝද්‍යානවල කරක්‌ ගහන්නටත් අයිවෝ අමතක නොකළේ ඔහු එතරම්ම වන සතුන්ට ළබැඳි සිතකින් යුක්‌ත නිසාය. එසේත් නැතිනම් ලොව කොතැනක හෝ සුන්දරත්වය, වනසතුන්ගේ අසිරිය තම කැමරා කාචවලින් "සොරාගෙන" තම රට ගෙන යැම සඳහා ය. ඉන්දියාව, නේපාලය, තායිලන්තය, බුරුමය, ටිබෙටය, වියට්‌නාමය වැනි ආසියාකරයේ රටවල සේම දකුණු අප්‍රිකාව, කෙන්යාව, ඇන්ගෝලාව, ටැන්සානියාව වැනි රටවලටද අයිවෝ බොහෝ සෙයින් ඇලුම් කරන ලද්දේ විශේෂයෙන්ම මෙවන් රටවල වනසතුන්ගේ අසිරිය මැද ගෙවී යන දිවිය ඔහුට මහත් ආශ්වාදයක්‌ වූ නිසාය.

මෙසේ පුරුදු පරිදි අයිවෝ පසුගිය 2011 වසරේ අවසන් භාගයේදීද අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වූයේ සංචාරක නඩයකටම නඩේ ගුරා ලෙස මාර්ගෝපදේශ කාර්යයේද නිරතවෙමිනි. එම චාරිකාවේදී මේ නඩය වනජීවී සම්පතින් අති පොහොසත් ටැන්සානියාවටද (ටැන්සේනියාව) යන්නට අමතක නොකළේය.

ටැන්සානියාවේ සෙරන්ගේටි ජාතික උද්‍යානයට අයිවෝ පැමිණියේ සැබැවින්ම අප්‍රිකානු වනසතුන්ගේ ආශ්වාදය ලබනු පිණිසය. අප්‍රිකානු සිංහයන්, චීටා සහ අප්‍රිකානු දිවියන්, සීබ්‍රාවන් ගෙල දිගු ජිරාෆ්යන්, හයිනා සහ තවත් අප්‍රිකානු ක්‍ෂිරපායින් අතරින් අයිවෝ මඟපෙන්වන ලෑන්ඩ් කෲෂර් වර්ගයේ සෆාරි ජීප් රථ දෙක මීළඟට ළඟා වූයේ ගසක්‌ මත සිටි දිවියන් දෙදෙනකු දැක බලාගැනීම සඳහාය. සද්දන්ත (අප්‍රිකානු) අලි රෑනක්‌ද ඒ අසලට පැමිණියේ ඉන් අනතුරුවය. හිතේ හැටියට දිවියන්ගේ හා අලින්ගේ පහස ලබමින් පමණක්‌ නොව, ඔවුන්ගේ හැඩතල ද ඡායාරූප ගත කරමින් සිටි අයිවෝ මේ අතර තරමක්‌ විශ්මය දනවන අපූරු දර්ශනයක්‌ දුටුවේය. ඒ නම්, මෙම අලිරැලේ එකම වයසේ පසුවන වයස මාස 7 -8 ක්‌ තරමේ දඟකාර එකම වාගේ පැටවුන් දෙදෙනෙක්‌ එක්‌ මව් ඇතින්නක පසුපස දිවයමින් මවගේ උණුසුම සොයන බවකි. විටෙක එක්‌ පැටවෙක්‌ ඒ අසළ තිබූ වතුර වළකට පා ලිස්‌සා වැටුණු මොහොතේ මව් ඇතින්න දරු සෙනෙහසින් ඌ මෙගොඩට ගත්තාය.
එතැන් පටන් අයිවෝගේ කැමරාවේ සටහන් වූයේ හරිම අපූරු ඡායාරූප ගොන්නකි. මව් ඇතින්නගේ සිරුරේ දැවටී - දැවටී මේ සුරතල් අලි සිඟිත්තන් දෙදෙනා මව්ගේ තන බුරුල්ලෙන් කිරි උරන්නට පටන් ගත්තේ එතැන සිටි සංචාරක නඩයම අමන්දානන්දයට පත් කරමිනි. සැබැවින්ම මෙය ඉතා දුලබ දසුනක්‌ම විය. සාමාන්‍යයෙන් ඇතින්නකට එක්‌ වරෙක ලැබෙන්නේ එක්‌ පැටවකු පමණක්‌ බව පිළිගැනීමයි. මාස 18 ක පමණ ගැබ් කාලයක්‌ දරා ප්‍රසූත කරන අලි සිඟිත්තකුගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50-60 ක්‌ පමණ වේ. ඒ නිසා මෙවන් පැටවුන් දෙදෙනකු එකවර කුස දරා සිටීම ස්‌වභාවධර්මයේ රීතියට තරමක්‌ පටහැනි කාරණයකි. එවන් සිද්ධියක්‌ වේ නම් එය ඉතා දුලබ සිදුවීමක්‌ වන්නේ ඒනිසාය. මෙවන් වාර්තා ගැන අපට මෙතෙක්‌ අසන්නට ද ලැබී නැත. ඒ නිසාම එක්‌ ඇතින්නකගේ සෙවණේ හැදී වැඩෙන මෙම පැටවුන් දෙදෙනා අප හදවත් තුළ ඇති කරන්නේ කුකුසකි. ඇත්තටම මේ "නිවුන් දරුවන්" (Twince) දෙදෙනෙක්‌ද? එදා සංචාරක නඩයේ මේ ප්‍රහේළිකාව විස¹ ගත නොහැකි වූ බව අයිවෝ කියයි. එහෙත් උන්ගේ හැසිරීම් රටාව, පැටවුන් මව්ට දක්‌වන ලැදියාව, මව්ගේ ආදරය අපට කියන්නේ මේ නම් සැබෑවටම අප්‍රිකානු ඇතින්නගේ "නිවුන් දරුවන්" දෙදෙනා මේ බවමය. අයිවෝ, අපගේ සොඳුරු මිත්‍රයා පසුගියදා ලංකාවට ආ ගමනේදී මා සමඟ කියා සිටියේ සැබැවින්ම තමා තීරණය කර සිටින්නේ මේ එම ඇතින්නගේ නිවුන් පැටවුන් දෙදෙනා බවය. 
"මාගේ ජීවිත කාලය පුරාවට වසර විසි ගණනකට වඩා මම අප්‍රිකානු, ආසියානු කලාපයේ අලි - ඇතුන් නිරීක්‍ෂණය කර තිබෙනවා. එහෙත් මම මෙවන් දසුනක්‌ මීට පෙර කවදාවත් දැකලා නැහැ. මගේ තීරණය නම් මේ නිවුන් පැටවුන් දෙදෙනකු බවයි. එදා අපි මේ පැටවුන් දුටු මොහොතේ මහත් ආශ්වාදයක්‌ ලබා ගත්තා. මා මේ ජීවිතයේදී ලබපු විශ්මිතම අත්දැකීම මෙයයි. මම හිතන විදිහට නැවත වරක්‌ මගේ වනදිවි ජීවිතයේදී මේ සිදුවීමට වඩා විශ්මිත දෙයක්‌ මට දකින්නට නොලැබෙන බව මට විශ්වාසයි." අයිවෝ වැන්කියුලන්බර්ග් තම දෙනෙත් කෙවෙනි තුළ කඳුළු සඟවාගෙන මා සමඟ කතා කළේ සතුට දරාගත නොහැකි නිසාදෝයි මට නොතේරේ.

අප දන්නා තරමින්ද ඇතින්නක බිහි කරන්නේ එක්‌ පැටියකුම පමණි. එහෙත්, පැටවුන් දෙදෙනකු අලි මවක සමග ගත කිරීම හුදෙක්‌ ඒ පැටවුන් දෙදෙනාම එකම ඇතින්නකගේ යෑයි කීමට තරම් සාධාරණ කතාවක්‌ද? වෙනත් ඇතින්කගේ පැටවකු තවත් පැටවකු අනුගමනය කරමින් මෙසේ හැසිරෙන්නට නොහැකිද? මියගිය මවකගේ පැටවකු හෝ මෙසේ තවත් මවකගේ පිහිට පැතිය හැකි නොවේද? මෙවන් ගැටලු රැසක්‌ තිබුණද අයිවෝ කියන්නේ "මගේ දෑස්‌ මට අදහාගත නොහැකියි." මේ මගේ ඇසින්ම දුටු සාක්‍ෂියයි. මේ නම් මව්න් දෙදෙනකුගේ පැටවුන් නොවේ. එකම මව්ගේ පැටවුන් දෙදෙනායි."

ඡායාරූප - Aivo Vancuylenburg
Fulda - Germany

ජගත් කණහැරආරච්චි

Tuesday, January 17, 2012

Innovative approach to solve Elephant - Trains accidents
.
Sri Lanka Rail Fans Society (SLRFS) participated in a meeting organized my the Secretary to Ministry of Transport on Elephant - train Accidents recently. There were number of officials both Wild life and railways were participated in this meeting. The progress of the previously initialed projects on this problem was reviewed and SLRFS presented its findings on this issue and put forward their suggestions to overcome this issue with research evidence.   Secretary to Ministry of Transport, GMR and officials from Wildlife department fully supported the ideas put forward by SLRFS representatives and even agreed to provide necessary assistants to complete their research. SLRFS feels that this as one of the highest achievements due to the responses gained for there innovative idea. Asela K. Kulatunga and Sanath Wickramaratne represented SLRFS in this meeting. The slides of the presentation done by SLRFS is given below.



https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0B0tnW_LJHqqlM2VkZTg4YjEtNWQ3Mi00NzBmLTlhOWUtZTk0ODhlMTZkMzk4&hl=en_US