ලුණුගම්වෙහෙරේ තරුණියක් වල් අලි ප්‍රහාරයකින් මියයයි:ප්‍රදේශවාසීහු පැය 4 ක් උද්ඝෝෂණයේ
ඡායා සහ විස්‌තර - වීරවිල - එල්. එම්. කුසුම් ප්‍රියන්ත, දෙබරවැව - ඒ. ඒ. පේමසිරි
මෙම සිද්ධිය ඊයේ (22 වැනිදා) පෙරවරු 6.00 ට පමණ සිදුවී ඇත. වල් අලියකු පහරදීමට ලක්‌ව මෙසේ මියගොස් ඇත්තේ එම්. ජී. ගීතිකා මිහිරාණී නමැති විසිඑක් හැවිරිදි තරුණියයි. ඇයගේ පියා වන හැට දෙහැවිරිදි එම්. ජී. සෝමසිරි මහතා බරපතළ තුවාල ලබා සිටී.
මෙම වල් අලි පහරදීමත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් 22 දා උදෑසන අටේ සිට හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රධාන මාර්ගය අවහිර කොට විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. පැය හතරකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත පිරිස් වන අලි තර්ජනයෙන් තමන් මුදාගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ඉක්‌මන් ස්‌ථිර විසඳුමක් ලබාදෙන ලෙසත් වගකිවයුත්තන්ට බලකර සිටියහ.
වැලිගත්ත හන්දියේ සිට බූන්දල හන්දිය දක්‌වා කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් පුරා මඟ අවහිර කරමින් ටයර් පුළුස්‌සා පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර ප්‍රධාන මාර්ගයේ සිය ගණනක් වන වාහන ගමන් කිරීමට ද අවස්‌ථාව උදා නොවීය. මේ ස්‌ථානයට සහභාගි වූ හම්බන්තොට දිස්‌ත්‍රික් ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්‌මුල්ල මහතා ඊයේ (22 දා) සිට ඉතිරි විදුලි වැටද සම්පූර්ණ කිරීමට පොරොන්දු වූ අතර ප්‍රදේශයේ නියෝජිතයන් සමඟ ඒ මොහොතේම සාකච්ඡාවක ද නිරත විය.
මියගිය එච්. ජී. ගීතිකා මිහිරාණි මෙවර හෙද විද්‍යාලයට ද ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටියාය.
No comments:
Post a Comment