පිළියමක් නො යෙදුවොත් අලි අනතුරක් අත ළඟයි
මේ උඩවලව ජාතික වනෝද්‍යානය අසලින් ගමන් කරන ඕනෑ ම කෙනකුට දක්‌නට ලැබෙන සුලබ දර්ශනයක්. උද්‍යානය තුළ නිදහසේ ආහාර සොයා යන මේ අලි මහපාර ආසන්නයේ විදුලි වැට අයිනට වී මෙහෙම නිකරුණේ බලා සිටින්නේ ඇයි? සොයාගෙන කෑම වෙනුවට ඉල්ලාගෙන කෑමට උන් පුරුදු වෙලා. කාගෙන් ද මේ කෑම ඉල්ලන්නේ? පාරේ යන මිනිසුන් ගෙන්. ඇයි මෙහෙම ඉල්ලන්නේ? මිනිසුන් දෙන කෑමට උන් පුරුදු කර ඇති නිසා.
මේ අශෝබන ක්‍රියාවට උඩගෙඩි දෙන ගම් වැසියෝ පලතුරු කඩදාගෙන අලින්ට කන්න දෙන්න පලතුරු විකුණනවා. මේක මහ විනාශයකට මුල පිරීමක්. එකක් නිරෝගී අලි නිකරුණේ රෝගී වීම. අනෙක කවර හෝ මොහොතක විදුලි වැට කඩාගෙන පාරට ආවොත් මහා විනාශයකට මුල පිරීමක්. පරිසරවේදීන් අදාළ බලධාරීන්ට කාලයක් තිස්‌සේ අනතුරු ඇඟවීම් කළත් කිසි ම පිළියමක් මේ වන තෙක් යොදා නෑ. දැනට තිබෙන විදුලි වැටට අඩි 60ක් ඇතුළතින් තවත් විදුලි වැටක් ඉදි කර ඒ අතරට ජීව වැටක් ඉදි කිරීමට යෝජනා වුණත් තවමත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. වන ජීවින් භාර ඇමැතිවරයා ගෙන් විදුසර කළ විමසීමක දී ඒ මහතා කිව්වේ ළඟ දී ම විදුලි වැටත් ජීව වැටත් ඉදි කරන බවයි. ඇමැතිතුමනි, වැඩේ ඉක්‌මන් කරන්න, අපි අවධානයෙන් ඉන්නවා.
සටහන හා ඡායාරූප - අමල් උඩවත්ත
No comments:
Post a Comment