Friday, November 4, 2011

අලි දෙන්නෙක් ලෙඩ ඇතාට ගහති
බෙහෙත් ගන්න වැයික්කියට ආවාට විරෝධය
2011 නොවැම්බර් මස 03 17:11:46 | දඹුල්ල කාංචන කුමාර ආරියදාස
12Share
කලාවැව තාවුල්ලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ ඇතාට අද පස්වරුවේ කැලේ සිට ආ අලියන් දෙදෙනකු පහර දුන් බව වනජීවී නිලධරයෝ කියති.
පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධරයන් පැවසුයේ මෙම ඇතා පිටස්තර ප‍්‍රදේශයකින් කලාවැව වැව්තාවුල්ලට පැමිණි නිසා මෙසේ පහර දෙන්නට ඇති බවයි. මේ සිද්ධිය වන අවස්ථාවේ වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාද ගිලන්වී සිටින ඇතා බලන්නට එහි ගොස් සිටියේය.
දඹුල්ල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ වාහන 50 කට පමණ අලාභ කරමින් ඉකුත්දා කලහකාරීව හැසිරීමේදී වෙඩි පහරට ලක්වීම සහ වාහන තහඩුවලට කැපීම නිසා මේ ඇතා ගිලන් විය.







No comments:

Post a Comment