වල් අලි තිදෙනෙක් දුම්රියේ ගැටෙති
මහගල්කඩවල - සේනක ඉලංගකෝන්
උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොළ හා ගල්ගමුව දුම්රිය ස්‌ථාන දෙක අතර පිහිටි මී ඔය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් අලි තිදෙනකු දුම්රියක ගැටී බරපතල තුවාල ලබා ඇත.
කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ගමන් කරමින් තිබූ භාණ්‌ඩ ප්‍රවාහන දුම්රියට මොවුන් වැදී ඇත්තේ ඊයේ (08 වැනිදා) අලුයම 3 ට පමණය. එහිදී තුවාල ලැබූ වයස අවුරුදු 10 ක පමණ ඇතින්නියක් මියයැමට ආසන්නව දැඩි තුවාල සහිතව වැටී සිටියාය. ඉතිරි ඇතින්න හා පැටවා දැඩි පරිශ්‍රමයකින් මී ඔය කැලයට ගමන් කළහ.
මෙම අලි තිදෙනාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරීහු යුහුසුළුව ක්‍රියා කරමින් සිටිති. වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් වල් අලින් බේරා ගැනීමට ඊයේ සවස් වනතුරු වෙහෙසමින් සිටියහ. නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේදී වල් අලින් පාර මාරුවන බවද දැන ගැනීමට තිබේ.
No comments:
Post a Comment