Tuesday , 08 November 2011
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ අඹන්පොළ හා ගල්ගමුව
අතර ප්‍රදේශයේදී අද අලුයම වන අලියෙකු ගැටී තිබේ.දුම්රිය පාලක නිහාල් ෆර්නැන්ඩස්
පැවසුවේ, අනතුරත් සමග දුම්රිය මාර්ගයේ සිරවී සිටි වන අලියා බේරා ගැනීම සඳහා
පොලීසියට සහ වන ජීවි නිලධාරින්ද මැදිහත් වූ බවයි.අලි රංචුවක් අනතුර සිදු වූ ස්ථානයට
රැස්වීම ඊට හේතුවී තිබේ. ඔහු පැවසුවේ, පසුව වන ජීවි නිලධාරින් හා පොලීසිය මැදිහත්ව
වන අලියා බේරාගෙන ඇති අතර එම අලියා රංචුවත් සමග කැලය වෙත ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් අදාළ දුම්රිය පැය එක හමාරක් පමණ ප්‍රමාද වී ධාවනය කිරීමට වූ බව දුම්රිය
පාලක නිහාල් ෆර්නැන්ඩස් පැවසීය.
No comments:
Post a Comment