ජන ජීවිතයට එරෙහි අනුරපුර උද්ඝෝෂණය
නවත්වන්නැයි පොලිසිය ඉල්ලූ
වාරණය ප්‍රතික්‌ෂේප කරයි
සාමය කඩවන ලෙස හැසිරුණොත්
අධිකරණයට ඉදිරිපත් කරන්නවිනිසුරුවරිය පොලිසියට කියයිඅනුරාධපුර - පර්සි කුරුනේරු
අනුරාධපුර උළුප්පුලම ගම්මානය සහ අවට ගම්මානවල මිනිස් ජීවිත බිලි ගනිමින් වගාබිම් වනසමින් සැරිසරන වන අලි පළවාහරින ලෙසට බලකරමින් සහ වන අලි ප්‍රහාරයට ලක්‌ව එම ප්‍රදේශයේ පුද්ගලයකු මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට විරෝධය පා පිරිසක් අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට යන ලද තොරතුරකට අනුව එකී උද්ඝෝෂණය වළක්‌වාලන තහනම් නියෝගයක් ලබා දෙන්නැයි අනුරාධපුර පොලිසිය ඊයේ (5 දා) අනුරාධපුර මහේස්‌ත්‍රාත් අධිකරණයට කළ ඉල්ලීමක් ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ෂිකා විමලසිරි මෙනවිය නිෂ්ප්‍රභ කළාය.
අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී ජයසේන මහතාගේ උපදෙස් මත එහි විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. එම්. එන්. රත්නායක මහතා විසින් අදාළ නියෝගය ලබාදෙන ලෙසට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලූ අවස්‌ථාවේ විනිසුරුවරිය එය නිෂ්ප්‍රභ කළාය.
උද්ඝෝෂණ වළක්‌වාලීමට අධිකරණයට තහනම් නියෝගයක් දිය නොහැකි බවත් මහජන සාමය කඩවන අයුරින් කව්රුන් හෝ උද්ඝෝෂණය කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය මෝසම නිෂ්ප්‍රභ කරමින් අනුරාධපුර පොලිසියට දැනුම් දුන්නාය.
No comments:
Post a Comment