30 ක් රැක ගැනීමට විදුලි වැටක්
අනුර බාලසූරිය
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වල් අලි තර්ජන තිබෙන ගම්මාන 30 ක් පමණ ආවරණය වන පරිදි කිලෝමීටර් අසූවක් පමණ දිග විදුලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. ගොවිජනසේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි මෙය ඉදිකෙරෙන අතර මේ සඳහා ඇමැතිවරයා රුපියල් මිලියන 40 ක මුදලක් වෙන්කර දී තිබේ. මෙම විදුලි වැඩ ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ නාච්චාදූව වැව්ඉස්‌මත්තේ අක්‌කර 1000 ක හා හුරුළුවැව් ඉස්‌මත්තේ අක්‌කර 2000 ක් පමණ අලින් ජීවත්වන කැලෑ භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් වගකීමෙන් තොරව එළිපෙහෙළි කිරීම මෙම වල් අලි උවදුරට හේතු වී තිබේ.
අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර උළුක්‌කුලම ප්‍රදේශවලට මෙම වල් අලි තර්ජනය විශාල වශයෙන් බලපා ඇති බැවින් කඩිනමින් විදුලි වැට ඉදිකරන ලෙස විෂය භාර ඇමැතිවරයා උපදෙස් දී තිබේ.
මෙයට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව තිබෙන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන ආවරණය වන පරිදි පුත්තලම දක්‌වා කිලෝමීටර් 95 ක විදුලි වැටක් ඉදිකෙරෙන බව ද ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
No comments:
Post a Comment